කොවිඩ් පාලන සටන නැවත ඇරඹීමට සූදානම්… ජනපති තුමනි මැදිහත් වන්න…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි....

ශ්‍රියානි විජේසිංහ  –                                             

තමන්ට ඇත්තේ තවත් වෘත්තීය සමිති සටනක් නොව, මාතෘ භූමිය සහ ආදරණීය ජනතාව කොවිඩ් 19 උවදුරෙන් මුදවා ගැනීමේ අව්‍යාජ අරමුණක් සහිත වසංගතයට එරෙහි සටනක් බවත්, එම සටනට අවශ්‍ය නිසි බලතල ලබාදීමට කිසිදු නෛතික හෝ වෙනයම් බාධාවක් නොමැති පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්   ඍජුව තීන්දු නොගැනීම  නිසා ව්‍යාකූල වී ඇති තත්වයට මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ ඉල්ලීම්වලට විසදුම් ලබා දීමට කිසියම් වෘත්තීය සමිතියක මතය සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසන් මතය ලෙස සලකන්නේ නම් එවැනි සෞඛ්‍ය බලධාරීන්ගෙන් සාධාරණ විසඳුමක් ලබාගැනීමට නොහැකි වනු ඇතැයි සංගමය ජනාධිපතිවරයාට පෙන්වාදේ

සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන්  එක්තරා සෞඛ්‍ය  වෘත්තිකයින්ගේ  ගැටලු විසදීම සදහා තවත් එක් වෘත්තීයක   සහය ලබා ගැනීමට කටයුතු කරන්නේ නම් එය නිර්ලජ්ජිත ක්‍රියාවක් යැයි ද සංගමය පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19 පාලනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශංසනීය සේවාවක් කල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සේවය මහජනතාව අතර අප්‍රසාදයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් නිසි කලට නිසි තීරණවලට නොඑළඹීමද මෙම කුමන්ත්‍රණයේ කොටසක් බව පෙනේන්නේ යැයිද සංගමය අවදාරණය කරයි.

Exit mobile version