කොවිඩ් පාලන ඇමතිනි වෛද්‍ය සුදර්ශීනීට දේශපාලනයත් එපාවෙයි 

පොදුජන පෙරමුණෙන් සිදුවන වෙනස්කම් හේතුවෙන්  තමන් කලකිරීමෙන් පසුවන බවත් ඉදිරියේදී දේශපාලනය කරනවාද නැද්ද යන්න තීන්දු කරන බවත් බෝවන රෝග පාලනය කොවිඩ් වැළැක්වීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ   පවසයි.

හිරු ටීවී “හාඩ් ටෝක්“ විශේෂාංගයේදී මේ අදහස් පළ කළ ඇය තමන්ට පොදුජන පෙරමුණෙන් විවිධ අසාධාරණකම් සිදුවන බව කියයි.

වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදී  දිලාන් මායාදුන්න ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය තවදුරටත් සඳහන් කළේ තමන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිට පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් නමුත් සමහරුන් මෙම සාමාජිකත්වය නොපිළිගන්නා බවත් කණගාටුවෙන් වුවද කිව යුතු බව ඇය එහිදී පැවසුවාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවද යළි මේ පක්ෂය අතහැර වෙනත් පක්ෂයකට යාමේ අදහසක් තමන්ට නැති බවත් මේ කලකිරීම මත සම්පූර්ණ දේශපාලනයෙන්ම ඉවත්වීම පිළිබඳව ඉදිරියේදී තීන්දුවක් ගන්නා බවද ඇය එහිදි සඳහන් කළාය

Exit mobile version