එන්නත යන වේගයට වඩා වේගයෙන් කොවිඩ් නව ප්‍රභේද පැතිරෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අනතුරු අඟවයි

who Director General Tedros Adhanom

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට පවතින විද්‍යාත්මක සාක්ෂිවලට අනුව කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ගෝලීය වශයෙන් සම්ප්‍රේෂණය සැලකිය යුතු ලෙස වැඩි කර ඇති බවත් එම වේගය ගෝලීය එන්නත් බෙදා හැරීමට වඩා වේගවත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩෙනම් ගේබ්‍රියේසස් ඊයේ රාත්‍රීයේ පැවසීය. ඊයේ (14) සවස ජිනීවා නුවරදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය ටෙඩ්රෝස් පැවසුයේ සමස්තයක් ලෙස ලෝකයේ රෝගීන් අඩුවිමේ ප්‍රවණතාවක් මැද ඇතැම් රටවල රෝගීන් වාර්තා වීම , ඔක්සිජන් හිගය සහ මරණ වැඩිවීම තුළ තවදුරටත් මෙම වසංගතය අභියෝගයක් වී ඇති බවය.
ඔහු තවදුරටත් සඳහන් කලේ මෙම කරුණු මත ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් එන්නත් සම්පූර්ණයෙන් ලබා ගෙන නොමැති තතත්වයක් තුළ ආරක්ෂිත නොවන පුද්ගලයින් සඳහා අවදානම් වැඩි වී ඇති බවය.
මෙහිදීතවදුරටත් අදහස් දැක්වූ ලෝක සෞක්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා
“ගෝලීය වශයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කරන ලද COVID-19 හි නව රෝගීන් සංඛ්‍යාව මේ වන විට අඛණ්ඩව සති 7 ක් දක්වා පහත වැටී ඇතත් මරණ සංඛ්‍යවේ අඩුවක් ඉක්මනින් දැකිය නොහැකියි. අප්‍රිකාවේ රෝගීන්ගේ ශීඝ්‍ර ලෙස වැඩිවීම විශේෂයෙන් ම වැදගත් වන්නේ එන්නත්, රෝග විනිශ්චය සහ ඔක්සිජන් සඳහා අවම ප්‍රවේශයක් ඇති කලාපය නිසයි.
ඒ වගේම වසංගතය අවසන් කිරීම සඳහා අපගේ හවුල් ඉලක්කය විය යුත්තේ ලබන වසරේ ජර්මනියේදී ජී 7 නැවත හමුවෙන විට ලෝක ජනගහනයෙන් අවම වශයෙන් 70% කට එන්නත ලබා දීම බව මා පසුගිය සෙනසුරාදා පැවති ජී 7 සමුළුවේදී සඳහන් කළා.ඒ සඳහා අපට එන්නත් මාත්‍රා බිලියන 11 ක් අවශ්‍යයි
ජී 7 රටවල් එන්නත් මාත්‍රාව මිලියන 870 ක් පරිත්‍යාග කරන බවට කරන ලද නිවේදනය මම සාදරයෙන් පිළිගන්නවා. මෙය විශාල උදව්වක්. නමුත් අපට තවත් ආධාර වේගයෙන් අවශ්‍ය වනවා. දිනකට මිනිසුන් දසදහසකට වැඩි පිරිසක් මිය යති. මෙම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන වේලාවේදී පමණක් පුද්ගලයින් 420 කට වැඩි පිරිසක් මිය යනු ඇති.“ යයිද පැවසීය.

Exit mobile version