කොවිඩ් නිරෝධායන නීති කඩා විදේශ අමාත්‍යාංශයත් පිස්සු කෙළියි..

Mount_Lavania

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සම්මත නිරෝධානය නීති අනුගමනය නොකර විදේශ තානාපති සේවයේ නියතු සෞදි ජාතිකයෙක් ගල්කිස්ස මධ්‍යමපාන්තික මහල් නිවාස සංකීර්ණක නිවසකට යොමු කිරීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කිරීමත් සමග මුලු මහල් නිවාස සංකීර්ණයම කැළඹී ඇතැයි වාර්තා වේ.
මෙ පුද්ගලයා රටට පැමිණ ඇත්තේ ඊයේ (22) බවත්, දින 14ක නිරෝධායන පිළිවෙත අනුගමනය නොකර සෞඛ්‍ය අංශ කිසිවක් දැනුවත් කරන්නේ නැතිව මෙම මහල් නිවාසය වෙත යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග තහවුරු කරයි.
මෙම සෞදි ජාතිකයා තැන තැන ඇවිදිමින් සිටිනු දුටු මහල් නිවාස සංකීර්ණයේ වැසියන් හා නිවාස සංකීර්ණයේ ආරක්ෂක අංශය මේ සම්බන්ධව සෞඛ්‍ය අංශ විමසනතුරු ඔවුන් ඒ බව දැනගෙන සිට නැත.
විදේශ තානාපති මණ්ඩල දූත පිරිස් නිරෝධායනය කිරීමේ දී සෞඛ්‍ය අංශ දැනුවත් කර දැඩි අධීක්ෂණ පිළිවෙතක් යටතේ නිවෙස් තුළ නිරෝධායනය වීමේ පිළිවෙතක් ඇතත් මෙහි දී එම පිළිවෙත ද උල්ලංඝණය වී තිබේ. මේ සම්බන්ධව විදේශ අමාත්‍යාංශයෙන් විමසීමට ගල්කිස්ස පොලිසිය කටයතු යොදා ඇත.

Exit mobile version