කොවිඩ් නෑ කී කිලිනොච්චියෙන් කොවිඩ් ආසාදිතයෙක් හමුවේ..

දිනසේන රතුගමගේ –


කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ දිවයිනේ එකම දිස්ත්‍රික්කය වූ කිළිනොච්චියෙන් 2 දා එක් කොරෝනා ආසාදිතයෙකු හමු වී තිබේ.

ඔහු හමු වී ඇත්තේ කිළිනොච්චිය කණ්ඩාවලෙයි ධර්මපුරම් ප්‍රදේශයෙනි.

එම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වූ ඔහු කොළඹ ආපන ශාලවක සේවය කොට එම ආපන ශාලාව වසා දැමීමෙන් පසුව ඔහු කිළිනොච්චියට පැමිණ තිබේ.


එම රෝගියා සම්බන්ධයෙන් සිදු කළ පලමු පී.සී.ආර්.පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙසට නිගමනය වී ඇති අතර ඔහුව ඊයේ ( 2 ) රාත්‍රියේ දෙවන පී.සී.ආර්.පරීක්ෂණයට යොමු කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුව මුලින්ම යාපනයේ කොරෝනා ප්‍රතිකාර රෝහලක් වෙත යොමු කොට තිබේ.

Exit mobile version