කොවිඩ් ජීවිත බේරාගන්න වෛද්‍යවරු එක්මෝ යන්ත්‍ර ඉල්ලති

වෛද්‍යවරු එක්මෝ යන්ත්‍ර ඉල්ලති
මෑත කාලීන ව වාර්තා වන කොවිඩ් ආසාදිත රෝගීන්ගේ පෙණහලු ප්‍රදාහ තත්ත්වයට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින් ඔවුන්ට කෘත්‍රිමව ශ්වසනය ලබා දීමේ එක්මෝ යන්ත්‍ර කිහිපයක දැඩි අවශ්‍යතාවක් පැන නැගී ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ වනවිටත් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපනය කර ඇති කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් සඳහා ප්‍රතිකාර කෙරෙන විශේෂිත මධ්‍යස්ථානයේ ගැබිණි මවක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් දැඩි අසාධ්‍ය තත්ත්වයක පසුවන බවත් ඇයට මෙම යන්ත්‍රයක දැඩි අවශ්‍යතාවක් පවතින බවත් වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇයට හදිසි ප්‍රතිකාර ලබා දීමේදී මෙම යන්ත්‍රයක අවශ්‍යතාව දැඩි සේ පැන නැගී ඇති අතර දැනට මෙවැනි රෝගීන් වෙනුවෙන් භාවිත කළ හැකි එකම යන්ත්‍රය වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇති එක්මෝ යන්ත්‍රයට මෙම රෝගී මව සම්බන්ධ කිරීමට අදාළ ව පියවර ගනිමින් සිටින බව එම වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.


නව කොවිඩ් ප්‍රභේද වාර්තා විමත් සමඟ විවිධ සංකූලතාවලට ලක්වන රෝගීන් ගේ වැඩි වීමක් නිරීක්ෂණය කර ඇති අතර එහිදී පෙණහලු ප්‍රදාහ තත්ත්වයට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් වෛද්‍යවරුන් නිරීක්ෂණය කර ඇත.

මෙම තත්ත්වය මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙන්නට තරම් බරපතල විය හැකි අතර ඔවුන්ට ප්‍රතිකාර කිරීමේදී ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුමක් ලබා දීමට එක්මෝ (ECMO)යන්ත්‍රයට හැකියාවක් ඇත. කෙසේ වුවද දැනට මෙම යන්ත්‍ර පවතින්නේ ගාල්ල කරාපිටිය රෝහලේ සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පමණි.

මේ පිළිබඳව ලංකාසර නැගෙනහිර කොළඹ මූලිත රෝහලේ කොවිඩ් ආසාදිත මව්වරුන් සඳහා ප්‍රතිකාර කෙරෙන ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී ප්‍රසව හා නාරිවේද ශල්‍ය විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතාගෙන් කළ විමසීමකදී මේ වනවිට එවැනි යන්ත්‍රයක අවශ්‍යතාවක් සහිත අසාධ්‍ය තත්ත්වයේ පසුවන මවක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සනාථ කළේය.

ඇයට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර ලබ දීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් කරාපිටිය රෝහලට ඇය යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන වත් පැවසූ විශේෂඥ වෛද්‍ය දෙවොලගේ මෙ වැනි වසංගත තත්ත්ව අවස්ථාවක මාතෘ මරණ වළක්වා ගැනීම ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගතයේ නව ප්‍රවණතා පිළිබඳව සැලකීමේදී මෙලෙස හදිසියේ අසාධ්‍ය තත්ත්වයට පත්ව ශ්වසන අර්බුදවලට මුහුණ දෙන රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා අවම වශයෙන් අයි.ඩී.එච් රෝහලට හෝ නැගෙනහිර කොළඹ මූලික රෝහලට මෙවැනි යන්ත්‍රයක අවශයතාව දැඩි සේ පවතින බවත් එම යන්ත්‍ර ලබා දිමට කටයුතු කිරීමට අත්‍යවහ්‍ය කරුණක් බවත සඳහන් කළේය.අවම වශයෙන් මෙවැනි යන්ත්‍ර පහක්වත් මෙරට රෝහල් පද්ධතියට එකතු වන්නේ නම් එය අතිශයින්ම වැදගත් වනු ඇති බවද වෛද්‍ය දෙවොලගේ තවදුරටත් පැවසීය.

Exit mobile version