හදිසි හමුවීමකට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපතිගෙන් වෙලාවක් ඉල්ලයි

doctors

කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවක ට පැමිණ ඇති මේ මොහොතේ දැඩි පුද්ගල සංචරණ සීමා ක්‍රියාත්මක කරන ලෙසත් වයස අවුරුදු 60 ට වැඩි සහ අධි අවදානම් පුද්ගලයන්ට ෆයිසර්‌ , මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.

කොවිඩ් සඳහා වෙන්කර ඇති සියලුම රෝහල් මේ වන විට ආසාදිතයන්ගෙන් පිරී ඇති තත්ත්වයක් තුළ මේ වන විට රෝහල් තුළ විශාල තදබදයක් නිර්මාණය වී ඇති අතර එම රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුව සහ ඉඩකඩ වැඩි කිරීම හේතුවෙන් වෙනත් රෝගාබාධවලට ප්‍රතිකාර ගැනීමට එන රෝගීන්ට ප්‍රතිකාර සඳහා විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වාදෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සෞඛ්‍ය දේහයට දරාගත නොහැකි මට්ටමට මෙම තත්ත්වය වර්ධනය වීම වැළැක්වීමට නම් කළ යුතු එකම විසඳුම පුද්ගල සංචරණය සීමා දැඩි සේ ක්‍රියාත්මක කිරීම බව අවධාරණය කර තිබේ.

විශේෂයෙන් රෝගීන් සංඛ්‍යාව අඩුකර ගැනීම සඳහා ඇති හොඳම ක්‍රමය ඒ බව ඔවුන් අවධාරණය කර ඇත.


කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව එන්නත්කරන එමගින් අඩුකිරීමට මෙන්ම අසාධ්‍ය තත්ත්වයට තත්ත්වයට පත්වන රෝගීන් ප්‍රමාණය අඩුකිරීමට හේතුවන බව මේ වනවිට තහවුරු වී ඇති බැවින් එවැනි අවදානම් කාණ්ඩවලට එන්නත් කිරීම කඩිනම් කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.

ඔවුන් එහිදී තවදුරටත් පෙන්වා දී ඇත්තේ මොඩර්නා, ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා වැනි එන්නත් දැනට එක් මාත්‍රාවකින් පමණක් වුවද වුව ද සැලකිය යුතු ආරක්ෂාවක් ලබාදෙන බවට තහවුරු වී ඇති බවයි.

එසේම සති දෙකක් යනතුරු සයිනෝෆාම් මාත්‍රා දෙකම ලබා දී සති දෙකක් යනතුරු ආරක්ෂාවක් නොලැබෙන බවද පෙනී ගොස් ඇත.

එබැවින් වයස අවුරුදු 60 ට වැඩි අයට සහ අවදානම් කාණ්ඩවලට සංචරණ සීමා මධ්‍යයේ පවා එන්නත්කරණය දිගටම කරගෙන යාමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කර තිබේ.

මෙම කරුණු දෙක කෙරෙහි දැඩි සේ අවධානය යොමු කරමින් අඩුම වශයෙන් සති දෙකක කාලයක් වත් අත්‍යවශ්‍ය සේවා සහ එන්නත් කරන වැඩසටහන් බාධාවකින් තොරව පවත්වාගෙන යන අතර දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කරන ලෙසත් අවම වශයෙන් වැඩිහිටියන්ට සහ අවදානම කාණ්ඩවලට ඉහත කී එක එන්නතක් හෝ ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරගැනීම සහ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් වේලාවක් ද එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

Exit mobile version