කොවිඩ් ගැබිණි මවුවරුන්ට කටුගස්තොට රෝහලේ විශේෂ ඒකකයක්…

මධ්‍යම පළාත තුළ කොවිඩ් ආසාදිත ගැබිණි හා පසු ප්‍රසූත අවස්ථා පසුකරන මව්වරුන් ගණනාවක් සිටින බවත් ඔවුන් වෙනුවෙන් වෙනම ප්‍රතිකාර ඒකකයක් නොමැති වීම බරපතල අර්බුදයක් බවත්  පෙන්වා දෙන මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන් එවැනි ඒකකයක් කටුගස්තොට රෝහලේ ඉදිකිරීමට යෝජනා කර තිබේ.

කොවිඩ් ආසාදිත ගැබිණි  මවක් වෙත ගොස් ප්‍රතිකාර කිරීමට තබා ප්‍රසූත කළ සිඟිති දරුපැටියාට කොවිඩ් ආසාදිතව නැති බව තහවුරු වනතුරු ඒ දරුවා අසලට ගමන් කිරීමටත් මැළි වන වටපිටාවක මෙවැනි විශේෂ ඒකකය අවශ්‍යතාවය ඔවුන් පෙන්වා දී ඇත. සාමාන්‍ය වාට්ටුවකට කොවිඩ් ආසාදිත මවක් ඇතුළු කළ විට ඇය මානසිකව අතිශය නරක බිඳවැටීමටක ලක්වන බව  ඔවුහු පවසති

“ මේ වනවිට නුවර රෝහලේ පමණක් කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරු දෙදෙනෙක් දරුවන් ප්‍රසූත කරලා තියනවා.   ඒ ළදරුවන් හා මවුවරු ඔවුන් ඉහත කී ප්‍රායෝගික අර්බුදයට මුහුණ දෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට අපි කටුගස්තොට රෝහලේ කාන්තා වාට්ටුව වෙන් කරගන්න උත්සාහ කරමින් ඉන්නවා.“


මේ පිළිබඳ අප කළ විමසුමකදී මහනුවර රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

කටුගස්තොට කාන්තා වාට්ටුවේ ඇඳන් 15ක් ඇති බවත් මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිත ගැබිණි මවුවරුන්ට හා පසු ප්‍රසූත අවස්ථාවේ පසුවන මවුවරුන්ට එම වාට්ටුව පහසුකම් සහිතව ගොඩනැගිය හැකි බවත් පැවසෙද්දී ඒ සඳහා රෝහල් පරිපාලනය විරුද්ධ වූ බවක් වාර්තා විය.

එහෙත් ඒ සම්බන්ධව අප කළ විමසුමක දී කටුගස්තොට රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා කීවේ මෙම රෝහලේ පහසුකම් අවම බවත්, එම පහසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු එම වාට්ටුව කොවිඩ් මවුවරුන් වෙනුවෙන් වෙන් කළ හැකි බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොහෝ විට හෙට දින වනවිට මෙම කොවිඩ් ගැබිණි මවුවරුන් සඳහා වෙන්කළ ඒකකයේ කටයුතු ආරම්භ කළ හැකි බව වාර්තා වේ.

Exit mobile version