කොවිඩ් ගම පුරා බෙදමින් ඇවිදින්න එපා… ජී.එම්.ඕ.ඒ ජනතාවගෙන් ඉල්ලයි…

නතාෂා නෙත්මිණි –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වෛරසය ගමපුරා බෙදා හැරීමට කටයූතු නොකරන්නැයි බස්නාහිර පළාතේ සිට ගම්බිම් බලා යන පුද්ගලයින්ගෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ ඉල්ලීමක් කරයි.
බස්නාහිර පළාතෙන් පිටවන ජනතාව කොවිඩ් පරික්ෂාවකට ලක් වී නොමැති බැවින් ඔවුන්ට වෛරසය ආසාදනය වී තිබෙන්නේ ද නැද්ද යන්න පිළිබදව හරිහැටි නොදන්නා බවත් ඒ හේතුවෙන් නිවෙස් වල සිටින වයස්ගත පුද්ගලයන් සමග ගැටීමට නොයන ලෙසත් සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ඉල්ලා සිටියි.
මෙම වෛරසය වයස්ගත පුද්ගලයින් දරුවන්ට හා නිදන්ගත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අයට දැඩි බලපෑම් එල්ල කරන බැවින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වන ලෙස කටයුතු කරන්නැයිද හෙතෙම සදහන් කරයි.

Exit mobile version