කොවිඩ් එන්නත ළමයින්ට විස වෙන හැටි පවුල් සෞඛ්‍ය කාර්යාංශය කියයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝකයේ රටවල් කීපයක් කොවිඩ් මර්දන එන්නත අවුරුදු 12 – 16 වයස්කාණ්ඩයන්ගේ පසුවන දරුවන්ට ලබා දී ඇති අතර එහිදී ඇතැම් ළමුන්ට විවිධ අතුරු ආබාධ පැන නැගී ඇති බවට වාර්තා පලවීම හේතුවෙන් මෙරට ළමුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීම කෙරෙහි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා සඳහන් කළාය.

ළමුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙතෙක් නිර්දේශ ලබා දී නොමැති බවත් ඔවුන්ගේ නිර්දේශයන් කෙරෙහි අවධානය යොමුකර අවශ්‍ය තීරණයන් ගැනීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය.

කොව්ඩ් වයිරස් රෝගය ලෝකයට පැමිණියේ අලුතින් බවත් ඒ සඳහා ලබා දෙන එන්නත් ද අලුතින් නිර්මාණය වූ ඒවා බැවින් මෙය ශරීරය තුළ කෙසේ ක්‍රියාත්මක වෙන්නේද යන්න පිලිබඳව නිච්චිතව කිව නොහැකි බැවින් දරුවන්ට ලබා දීමට පෙර ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා අවධාරණය කළාය.

Exit mobile version