කොවිඩ් එන්නත ගෙන්වීමේ සම්බන්ධීකරණය වගකීම ලලිත් වීරතුංගට

විවිධ රටවලින් නිශ්පාදනය කර ඇති කොවිඩ් එන්නත් පිළිබඳව සවිස්තර අධ්‍යයනයකින් පසු එම රටවල් හා මෙරට සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධීකරණය කරමින් හැකි ඉක්මනින් කොවිඩ් එන්නතක් මෙරටට ලබා ගැනීමේ සම්බන්ධීකරණ වගකීම ජනාධිපතිවරයාගේ උපදෙස් පිට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග වෙත පවරා තිබේ.

මේ වනවිට ඇමරිකාව, එංගලන්තය, චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක් කොවිඩ් එන්නත් නිපදවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නත ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුවතීරණය කෙරෙන බවත්, . වතු, මහල් නිවාස, නේවාසිකාගාර  ඇතුළුව රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති ස්ථාන සහ කණ්ඩායම් පිළිබඳව දත්ත  රැස් කිරීමට සැලසුම් කර ඇති බවත් කොවිඩ් මර්ධන ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


 

Exit mobile version