කොවිඩ් ඇති කළ වරායේ ප්‍රමාදය නිසා නැව් 35ක් කොළඹ අත්හැරලා…

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම්වලට අහිතකර තත්ත්වයක් උද්ගත වී ඇති අතර වරායේ මෙහෙයුම් කටයුතුවල සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් වරායට පැමිණෙන නැව් වරාය මඟ හැර යාමේ අවදානමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මේ අනුව කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ නැව් 35ක් පමණ මෙහි නොපැමිණ ඉන්දියාව සිංගප්පූරුව වැනි ආසන්නතම වරායවල මෙරටට ගෙන්වීමට නියමිත භාණ්ඩ ගොඩ බා ඇති බවත් ඒ හේතුවෙන් මෙරට අපනයන කර්මාන්ත ශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීම ප්‍රමාද වී ඇති බවත් භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

 මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ වරායේ රජයට අයත් ජය බහලු පර්යන්තයේ සැලකිය යුතු සේවක සංඛ්‍යාවක් වෛරස ආසාදනය වීමත් සමඟ එහි හෛයුම්වලට බලපෑම් කළ හැකි සේවකයන් 200ක් පමණ නිරෝධායනයේ යෙදවීමය. මේ තත්ත්වය තුළ ජයබහලු පර්යන්තයේ මෙහෙයුම් අකාර්යක්ෂම වී ඇති අතර එය සෙසු පර්යන්ත දෙක වන සී.අයි.සී.ටී සහ එස්.ඒ ජී ටී පර්යන්තවල මෙහෙයුම් සඳහා ද බාධා එල්ලවී ඇත.


ලංකාසර වෙත කරුණු අනාවරණය කළ භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ සංගමයේ ප්‍රකාශකයා සඳහන් කළේ පසුදිග දින කිහිපය තුළ කන්ටේනර් 40,000ක් පමණ මෙම අංගන තුළ සිරවී ඇති බවයි. එසේම මේ තත්ත්වය ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම්වලට ද බාධාවක් වී ඇති අතර ඉන්දියාවට යැවීමට නියමිත කන්ටේනර් විශාල ගණනක් මෙරට තුළ ගොඩ ගැසී ඇත.

මේ පිළිබඳව පුවතක් අද ඩේලි ෆයිනෑන්ෂල් ටයිමිස් පුවත්පතද වාර්තා කර තිබූ අතර එම පුවත් පතට ප්‍රකාශයක් කර ඇති වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක   ජය  බහලු පර්යන්ත සේවකයන් 500ක් සඳහා සිදු කරන ද පීසීආර් පරීක්ෂණවල දී සේවකයන් 31 දෙනකු කොවිඩ් අසාදිතයන් බව හඳුනා ගත් බවයි. ඒ අනුව රෝගය තවදුරටත් ව්‍යාප්ත විම පාලය කිරීමේ අරමුණින් සේවකයන් නිරෝධායනයට ලක් කොට ඇති අතර අත්‍යවශ්‍ය මෙහයුම් සඳහා විශ්‍රාමික පළපුරුදු සේවකයන් වහා කැඳවීමට සහ පෞද්ගලික අංශයේ අත්දැකීම් සහිත සේවකයන් වහා යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඉතා ඉකිමනින් මෙම මෙහෙයුම් යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇති බවත් ලබන ඉරිදා වන විට මෙම මෙහෙයුම් යථා තත්ත්වයට ත් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන වත් ඔහු තවදුරටත් එම පුවත් පතට ප්‍රකාශ කොට තිබුණි.

Exit mobile version