කොවිඩ් ආසාදිත වයෝවෘද්ද හා අබාධිත හා රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල මැරෙන හැටි පී.එච්.අයි ලා කියති…

කොවිඩ් ආසාදිත ආබාධිතය පුද්ගලයින් සහ වයෝවෘද්ධ පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් තුළදී ඔවුන්ව රැක බලාගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් අවාසනාවන්ත මරණ සිදුවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අවාසනාවන්ත තත්ත්වය වලක්වා ගැනීම සදහා මෙවැනි වයෝවෘද්ධ පුද්ගලයින් රෝහල් ගත කිරීමේදී හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යොමු කිරීමේදී ඔවුන්ට සත්කාර කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන්නැයි සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම වයෝවෘද්ධ පුද්ගලයින්ට සත්කාර කිරීමේදී බිම්මට්ටමේ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉතා අසරණ තත්ත්වයකට පත්වෙන බව සංගමයේ සභාපති උපුල්රෝහණ සදහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත වයෝවෘද්ධ පුද්ගලයින්  හෝ ආබාධිත පුද්ගලයින් රෝහල් ගත කිරීමේදී  ඔවුන්ට සත්කාර සේවාවන් ලබා දීම සඳහා පුද්ගයෙකු බැගින් යෙදවෙීමේ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නම් මොවුන් බරපතල තත්ත්වයන්ට පත්වීම හෝ මරණයට පත්වීම අවමකර ගත හැකි වනු ඇතැයිද උපුල් රෝහණ කියයි.

 

Exit mobile version