කොවිඩ් ආසාදිත මෘතදේහයක ආරක්ෂාවට ගිය රථයක් පෙරළෙයි – පොලිස් නිලධාරියෙක් මරුට

accident

කොවිඩ් ආසාදනයෙන් මියගිය මුස්ලිම් කාන්තාවකගේ මෘතදේහය අවසාන කටයුතු සඳහා අද දින ගෙනයමින් තිබියදී එහි ආරක්ෂාව සඳහා පසුපසින් ගමන් ගත් අනෙක් රථය අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පොලිස් කණ්ඩායමේ ප්‍රධානී හැටන් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු මියගොස් තිබේ.

මෙම වෑන් රථය හැටන් සිට ගිනිගත්හේන මහනුවර හරහා ඔට්ටමාවඩි වෙත ගමන් කිරීමට සැලසුම් කර තිබුණි.

එසේ ගමන් කරන අවස්ථාවේදී අද පෙරවරුවේ හැටන් සහ ගිනිගත්හේන අතර මාර්ගයේ 59 වැනි කිලෝ මීටර් කණුව අසලදී ලිස්සා යාම හේතුවෙන් වෑන් රථය පෙරළි අනතුර සිදුව තිබුණි.


මියගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂක බෙනට් කුමාරසිංහ මහතායි.

තුවාල ලැබූ සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා, පිටස්තර පුද්ගලයන් දෙදෙනා සහ වෑන් රථයේ රියැදුරා වටවල රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සිදු වී ඇත්තේ අද උදෑසන හතට පමණය.

මේ පිළිබඳ හැටන් ජේෂ්ඨ පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් පැවැත්වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුර සිදු වීමෙන් පසු 79 වියැති මියගිය කාන්තාවගේ මෘතදේහය ආරක්ෂාව සඳහා වෙනත් ගිනිගත්හේන පොලීසියේ කණ්ඩායමක් යොදවා එය රැගෙන ගොස් තිබේ .

Exit mobile version