කොවිඩ් ආසාදිත මවකට කළ මෙරට පළමු සිසේරියන් සැත්කම සාර්ථකයි

 

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳුණු ගර්භනී මවකට පළමු වරට කරන ලද සිසේරියන් සැත්කම ඊයේ රාත්‍රියේ (31) සාර්ථකව සිදු කර තිබේ.

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ කොවිඩ් මර්දන ජාතික මධ්‍යස්ථානයේ ගැබිනි හා මාතෲ ඒකකයේ ප්‍රධානි, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දේවොලගේ යටතේ මෙම සැත්කම සිදු කරන ලදී.

සිසේරියන් සැත්කමට භාජනය කළ මව මෑතකදී මැදපෙරදිග රටක සිට මෙරටට ගෙන්වූ අය අතර සිටි කණ්ඩායමේ සිටි මුස්ලිම් ජාතික කාන්තාවකි. ඇය කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වීමත් සමග ප්‍රතිකාර සඳහා යොමුකර තිබී ඇත.


ළදරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන අතර දරුවා PCR පරීක්ෂණවලට භාජනය කර ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටී.

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති අලගියවන්න සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දර්ශිකා යන මහත්මීන් වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයෝ වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා

Exit mobile version