කොවිඩ් ආසාදිත බිරියගෙන් වැඩ ගන්න එපා… කුඩා දරුවන් 03ක් සමග පියෙක් උද්ඝෝෂණයක….

උතුරේ ඇඟලුම් කම්හල් දින කිපයක් හෝ වහන්න... ඔවුන් ආසාදිතයන් සඟවනවා... ස්වෙච්ඡා සංවිධාන කියයි....

දිනසේන රතුගමගේ –

කිළිනොච්චියේ ඇගලුම්කම්හලක් ඉදිරිපිට පියකු සිය කුඩා දරුවන් තුන් දෙනා සමග ඊයේ (20) සිට විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.

විරෝධතාවයේ නිරත පුද්ගලයා කියා සිටින්නේ තම බිරියට ඇගලුම් කම්හල තුළදී කොරෝනා රෝගය වැළඳී තිබුණ ද තමන්ට ඒ බව නොදන්වා තම බිරියගෙන් එහි පාලකයින් වැඩ ගන්නා බවය.

මේ අන්දමට කොරෝනා රෝගය වැළදුණු 270 ක් පමණ මෙම ඇඟලුම් කම්හලෙන් හමු වී ඇතත් ඔවුන්ට නිවාඩු ලබා දී කම්හල වසා දැමීමට වහාම බලධාරීන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියි.

මෙම ඇගලුම් කම්හලේ පාලකයින්ගේ වරද නිසා නිවෙස්වල ජිවත් වන පුද්ගලයින් කොරෝනා රෝගයෙන් දැඩි තර්ජනයකට පත්ව සිටින බවද කිලිනොච්චියේ අක්කරායන්කුලම මීයන්කුලම ගම්මානයේ සිට ඇගලුම් කම්හල ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වන මොහු ප්‍රකාශ කොට සිටියි.

එම ඇගලුම් කම්හලේ පාලන අධිකාරියේ පිරිසක් විරෝධතාවයේ නිරත පුද්ගලයා සමග සාකච්ඡා කොට ඇතත් ඔහු සිය කුඩා දරුවන් තුන් දෙනා සමග දියත් කොට ඇති විරෝධතාවය අවසන් කොට නොමැත.

මේ අතර කම්හලේ සේවය කරමින් සිටියදී කොවිඩ් ආසාදනයවන  රෝගීන්  සඟවා තැබීමටත් සංඛ්‍යාවන් ප්‍රසිද්ධියට පත් නොකිරීමටත් ඔවුන් කටයුතු කරන බවත් එය මේ අවස්ථාවේ දී සිදුවන බරපතල වරදක් බවද දක්වන ස්වේච්ඡා සංවිධාන කීපයක් උතුරේ ඇඟළුම් කම්හල්  තාවකාලිකව දින කීපයකට හෝ වසා දමන ලෙස   උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් 20 දා ඉල්ලීමක් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇඟලුම් කර්මාන්ත ශාලා කෙසේ හෝ පවත්වා ගෙන යාමට ඇති අවශ්‍යතාවය මත එම කම්හල්වල පාලන අධිකාරිය සෞඛ්‍ය අංශ වලට ඉතා යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන බවද උතුරේ ස්වේච්ඡා සංවිධාන  ඔවුන් කළ ඉල්ලීමේදී පෙන්වා දී තිබේ.


Exit mobile version