සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කළ මරණ 13ත් සමග ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 700 ඉක්මවා ගියේය. මේ වනවිට එම මරණ සංඛ්‍යාව 709කි.
කොවිඩ් ආසාදනයෙන් මිය ගිය බවට අද වාර්තාවන පුද්ගලයන් මෙසේය.
දිවුලපිටියේ 44 හැවිරිදි කාන්තාවක්, ජා ඇල 70 හැවිරිදි කාන්තාවක්, මාවිල්මඩ 42 හැවිරිදි පුරුෂයෙක්, මීගමුවේ 68 හැවිරිදි පුරුෂයෙක්, මාළඹේ 66 හැවිරිදි පුරුෂයෙක්, මාළඹේ 82 හැවිරිදි කාන්තාවක්, නුවරඑළියේ 59 හැවිරිදි පුරුෂයෙක්, බොරැල්ලේ 52 හැවිරිදි පුරුෂයෙක්, මෝදර 79 හැවිරිදි කාන්තාවක්, නට්ටඹුවේ 68 හැවිරිදි පුරුෂයෙක්, පානදුර 69 හැවිරිදි කාන්තාවක්, බුලත්සිංහල 77 හැවිරිදි කාන්තාවක්, ගම්පහ 80 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබිණි.
මේ පිළිබද රජය නිකුත්කළ වාර්තාව පහතින් දැක්වේ.