කොවිඩ් ආසාදිත ගැබිනි මවකට සාර්ථක සිසේරියන් සැත්කමක් – මවත් දරුවාත් සුවෙන්

කොවිඩ් ආසාදිත ගැබිනි මවකට සිදුකළ සිසේරියන් සැත්කමකින් පසුව ඇය අද නිරෝගී දරුවකු බිහි කළ බව කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන් සඳහා වෙන්වූ විශේෂිත රෝහල වන නැගෙනහිර කොළඹ රෝහලේ ප්‍රසව හා නාරිවේද ශල්‍ය විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා පවසයි.

කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් සඳහා විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානියා වන වෛද්‍ය දෙවොලගේ පැවසුවේ මෙය මෙරට කොවිඩ් ආසාදිත මවකට සිදු කළ දෙවන සිසේරියන් සැත්කම බවයි.

වයස අවුරුදු 44 ක් වන මෙම මවගේ තුන්වෙනි දරු ප්‍රසූතිය වන මෙය වන අතර දරුවන් තිදෙනාම සිසේරියන් සැත්කම් මඟින් බිහි කළ දරුවෝ වෙති. මේ වන විට මවත් දරුවාත් නිරෝගීව සිටින බව වෛද්‍යවරයා සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශිකා රණසිංහ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති පලිහවඩන ඇතුළු වෛද්‍ය හෙද කණ්ඩායමක් මෙම සැත්කමට සහභාගි විය.

Exit mobile version