කොවිඩ් ආසාදිතයෙකුගේ කෙළ පහරකින් යතුරුපැදි කරුවෙකුගේ පවුලම නිරෝධායනයේ…

බස්නාහිර පළාතේ කොව්ඩ් ආසාදිත රෝගීන් පිරිසක් රැගෙන යන බස් රථයක සිට බුලත් විට කෑ රෝගියෙකුගේ කෙළ පහරක් වැදුණු මහ මග ගමන්ගත් මෝටර් බයිසිකල් කරුවෙක් හා ඔහුගේ මුලු පවුලම නිරෝධායනය කර ඇති බව බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ගම්පහ කොළඹ ආශ්‍රිතව කොවිඩ් ආසාදනය වූ රෝගීන් පිරසක් බස් රථයකින් අද   දහවල් වටවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිට ඇත. මේ බස් රථයේ සිටි අසංවර ආසාදිතයෙක් බුලත් විටක් පහමින් බස් රියේ ජනේලයෙන් පිටතට කෙළ ගසමින් පැමිණ තිබේ.


මෙසේ එන අතර බලංගොඩ නගරාසන්නයේ දී මේ පුද්ගලයා ගැසූ කෙළ පහක් වැදී තිබුණේ මහ මග ගමන් කරමින් සිටි බයිසිකල් කරුවෙකුගේ ඇඟටය. මේ බස් රියේ ගමන් කරන්නේ කොවිඩ් රෝගීන් පිරිසක් බව නොදත් යතුරුපැදිකරු හැකි උපරිම වේගයෙන් යතුරු පැදිය ධාවනය කර බස් රථයට හරස් කොට නවතා බසයට ගොඩ වී කෙළ පහර ගැසූ පුද්ගලයා සොයමින් බැණ වදින්නට පටන් ගෙන ඇත.

ඒ අවස්ථාවේ දී එතැන සිටි රෝගීන් මෙම පුද්ගලයා අමතා මේ බස් රියේ ගමන් කරන්නේ කොවිඩ් ආසාදිතයන් පිරිසක් බැවින් වහාම බැස යන ලෙස දන්වා තිබේ. එය ඇසෙත්ම බිය වූ පුද්ගලයා සිය බෑගය ද බසයේ අත හැර දමා බැස බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් සිද්ධිය සැල කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු මැදිහත්ව පුද්ගලයා විෂබීජහරණය කර නිවසට යවා මේ වනවිට සියලුම නිවැසියන් සමග නිරෝධායනය කර ඇති බව බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version