කොවිඩ් ආසාදිතයන් 09ක්… වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමේ…

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයන්ත ලංකාසරට පැවසීය.

කොවිවිඩ් ආසාදිතයන් 2ක් වාර්තාව වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය තුළ අහඹු ලෙස කළ පී.සී.ආර් පරීක්ෂණවලින්  ආසාදිතය පුද්ගලයන් 09ක් වාර්තා වීමත් සමග මෙම තීන්දුව ගැනීමට සෞඛ්‍ය අංශ යෝජනා කළ බව ලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම සේවකයන් හා ව්‍යාපාරිකයන් සඳහා පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ කර තිබේ.


Exit mobile version