කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන තදබදය නිසා දින ගණන් ගෙවල්වල

එක් රෝගියෙක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නැතිව දින 11ක් නිවාසයක් තුළ ඉඳලා..

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

කොවිඩ් අසාදිතයන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය උපදෙස් දී නිවාස තුළ දැඩි නිරෝධායනයට ලක් කිරීමෙන් පසු සියලු තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ලබා දුන්නත් එම රෝගීන් සිටින ස්ථානවලින් රැගෙන යෑම සඳහා ගිලන් රථයක් එන්නේ සමහර විට දින කීපයක් ගතවීමෙනුත් පසුව බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ ලංකාසරට හෙළිදරවු කළේය.

මේ ආකාරයට කොවිඩ් අසාදිතයන් නිවාස තුළ රඳවා තබන්නට වීම බරපතල අර්බුදයක් බව කියන සෞඛ්‍යය අංශ ඊයේ සවස් වනවිට ගම්හප දිස්ත්‍රික්කයේ දිවුලපිටියෙන් ආසාදිතයන් 02ක්, මීගමුවෙන් අසාදිතයන් 03ක් හා සීදුවෙන් ආසාදිතයන් 07ක් දින ගණනක් තිස්සේ නිවාස තුළ රඳවා තබන්නට සිදු වූ බව කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“බොහෝ වෙලාවට රෝගියෙක් දින දෙකකු තුනක් නිවාසවල තියන්න සිද්ධ වෙන අවස්ථා තියනවා.  රෝහල් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් හොයාගන්න නෑ… දැනුම් දුන්න වෙලාවට ගිලන් රථ එන්නෙ නෑ,.. එක් වරක් එක රෝගියෙක් අපට දින 11ක් නිවාසය තුළ රඳවා තබන්න සිද්ධ වුණා… මේ කළමනාකරණයේ දුර්වලතා අන්තිම භයානකය ප්‍රතිඵල ගෙන දේවි.“
ඔවුහු ලංකාසරට පැවසූහ.


Exit mobile version