කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් නිසා යාපනය සරසවියේ කිලිනොච්චි මණ්ඩපය ‍වැසේ

ආරම්භ කරන්න දින නියමයක් නෑ - සියලුම විභාග කල් යයි

දිනසේන රතුගමගේ:

කොරෝනා ආසාදිතයින් බවට සැකකරන දෙදෙනෙකු හමුවීම නිසා යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය 13 දා සවස දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද දින නියමයක් නොමැතිව කල් දමා ඇත.


යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන අතර ඔහුට කොරෝනා රෝගය වැළදීමත් සමගම විශ්ව විද්‍යාලය තුළට කොරෝනා බිය පැමිණ තිබේ.

කොරෝනා රෝගය වැළඳුණු යුද හමුදා සාමාජිකයාගේ සහෝදරයා සහ ඔහු ඇසුරු කළ අනෙක් සමීපතමයා කොරෝනා ආසාධිතයින් විය හැකි බවට කිළිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් නිගමනය කිරීම නිසා කිළිනොච්චි මණ්ඩපය වසා දමා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම මණ්ඩපය මේ වන විට සියලුම දෙනාට තහනම් කලාපයක් බවට ප්‍රකාශයට පත් කොට තිබේ.

Exit mobile version