කොවිඩ් ආසාදිතයන්ට බැට දෙන්න කළු දිලීරයට අමතරව තවත් දිලීර දෙකක්!

කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් අතර කළු දිලීරය ලෙස හැඳින්වෙන් මියුකොමයිසීස්  දිලීර රෝගයට අමතරව, කොවිඩ් ආසාදිත රෝගීන් පෙළන වෙනත් දලීර වර්ග  දෙකක් රෝගීන් අතරින් හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍යවරු පවසති.

ඇස්පර්ගිලෝසිස් ( Aspergillosis )  සහ කැන්ඩිඩියාසිස් (Candidiasis) යන දිලීරවලින්   කොවිඩ් 19  ආසාදිත පුද්ගලයින්  ආසාදනය විය හැකි බව එම විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ වනවිට කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් අතරින් කළු දිලීරය ආසාදිත රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගෙන තිබේ.


කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ ක්ෂුද්‍ර විද්‍යාඥ  වෛද්‍ය- ප්‍රීමාලි ජයසේකර ඩේලි මිරර් වෙත ප්‍රකාශ කර තිබුණේ  කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් අතර ඉහත දිලීර රෝග දෙක  සෞඛ්‍ය බලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇති බවය. මෙම සංසිද්ධිය වෙනත් රටවල ද නිරීක්ෂණය වී ඇති බවය.

“ ඇස්පර්ගිලෝසිස් දිලීරයට පෙනහළු වලට බලපෑම් කර  නියුමෝනියාව ඇති කළ හැකියි. කැන්ඩිඩා දිලීරයට රුධිර ප්‍රවාහ ආසාදන   කළ හැකි අතර බහු අවයව වලට හානි කළ හැකියි, ” ඇය පැවසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මෙම රෝග ජීවිතයට තර්ජනයක් විය හැකි බව ද ඇය කීවාය.

 

Exit mobile version