ලලිත් චාමින්ද – කීර්ති ප්‍රනාන්දු –
ලංකාවේ කොවිඩ් ආසාදනයෙන් සිදුවූ වයස්ගතම පුද්ගල මරණය අද ගාල්ලෙන් වාර්තාවිය.
මියගොස් තිබුනේ ෙඅවුරුදු 102ක් වයසැති තිදරු මවකි. එම මවගේ අවසන් කටයුතු රජයේ නිරෝධායන නිතිරිතිවලට අනුව අද (07) දහවල් ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දි සිදුකළ බැව් ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න පවසයි.
මියගොස් ඇත්තේ වටරක ගමගේ ප්‍රේමවති (102) නැමති පීටර්කරින්ගොඩ මාවත කරාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය අද (07) ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න විසින් ගාල්ල කරාපිටිය හික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබිය.
පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි.පෙරේරා විසින් කරනු ලැබිය.