කොවිඩ් අසාදිත නම් තම අභිමතය පරිදි නිවසේ නිරෝධායනය නොවන්න –  සෞඛ්‍ය අංශ 

covid

මේ වන විට නිවෙස්  නිරෝධායනය   නතර කර ඇති  බැවින් තම අභිමතය පරිදි නිවෙස් නිරෝධායනයට යොමු නොවන්නැයි කොවිඩ් ආසාදිත රෝගින්ගෙන් පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය  මල්කාන්ති ගල්හේන  මහජනතාවගෙන් ඉල්ලීමක්  කරයි

උණ කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ සහ ඇඟපතේ වේදනාවක් පවතින්නේ  වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්නැයි  ඇය සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව රටතුළ ක්‍රමයෙන් අඩු වීම හා නිවෙස් නිරෝධායනය සඳහා අධික පිරිවැයක් දැරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුවීම හේතුවෙන්  නිවෙස් නිරෝධායනය නතර කළ නමුත් මේ වන විට කොවිඩ් රෝගය යළි හිස ඔසවමින්  පවතින බැවින්   නිවෙස් නිරෝධායන වැඩසටහන නැවත සක්‍රීය කිරීම සඳහා කටයුතු කිරීමට මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සාකච්ඡා ආරම්භ කර ඇතැයිද ඇය සඳහන් කළාය.

Exit mobile version