කොවිඩ් අස්සේ කසිප්පු වැඩි වෙලා…

Illegal - alcohol

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් නිලධාරීන් මත් පැන් මත්ද්‍රව්‍ය වැටලීම් ඇතුළු දූෂණ මර්ධන රජකාරිවලට වඩා වැඩි ප්‍රමුඛත්වයක් කොවිඩ් සම්බන්ධ රාජකාරිවලට ලබා දීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කය තුළ නීති විරෝධී මත් පැන් ජාවාරම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.

මේ සම්බන්ධව සිදුවන වැටලීම් කාලසටහන් හා බුද්ධි තොරතුරු ජාලය කොවිඩ් වසංගතයත් සමග යම් පමණකට අකර්මණ්‍ය වීමත් සමග මේ තත්වය ඇති වී තිබේ.

කොවිඩ් වසංගතය පැතිරී යෑමටත් ඍජුව බලපාන මෙම සුරා තිප්පලවල් හා නිශ්පාදනාගාර වැටලීමේ වැඩපිළිවෙළ අවශ්‍යතාවය සෞඛ්‍ය අංශ ද දන්වා සිටී.

Exit mobile version