“කොවිඩ්වලින් රැකෙන ප්‍රවාහන පහසුකම් දීමට බැරිවීම ගැන රටක් ලෙස කණගාටුවිය යුතුයි”

වෛද්‍ය සංගම් සභාපතිනිය කියයි

විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

කොවිඩ් වෛරසය පාලනයේ දී පොදු ප්‍රවාහන සේවාවල ආරක්ෂිත ගමන් පහසුකම් සැපයීම අත්‍යවශ්‍ය කරුණක් වුවද මෙරට ජනතාවට එවැනි සෞඛ්‍යාරක්ෂිත ගමන් පහසුකම් ලබාදීමට නොහැකි වීම සම්බන්ධයෙන් රටක් ජාතියක් ලෙස අප කණගාටු විය යුතු බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

විශේෂයෙන් රාජකාරී සඳහා සහ පාසල් වේලාවන් තුළ පොදු ප්‍රවාහන සේවා තුළ මගී තදබදයක් පවතින අතර එය කොවිඩ් වෛරසය පැතිරීමේදී දැඩි සේ අවදානම් සහගත කරුණක් වුවද ජනතාවට මෙලෙස ගමන් කිරීමට සිදුව ඇති බව පෙන්වා දුන් ඇය මේ සඳහා සෞඛ්‍ය අංශ මෙන්ම ප්‍රවාහන, රාජ්‍ය පරිපාලන, අධ්‍යාපන වැනි සෑම කෂේත්‍රයක්ම ඒකරාශි වී සාකච්ඡා කළ යුතු කරුණක් බව වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

මේ බව සංගම් සභාපතිවරිය සඳහන් කළේ කොවිඩ් අර්බුදයේ වර්තමාන ප්‍රවණතා සහ තත්ත්වය පිළිබඳව අද ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය විසින් සංවිදානය කරන ලද හමුවකදීය.


එහිදී තවදුරටත් අදහස දැක්වූ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය

“ අපි අවුරුදු දෙකකට ආසන්න කාලයක් කොවිඩ් වසංගතය නිසා දැඩි පීඩිත තත්ත්වයකින් කටයුතු කළා. නමුත් මේ වනවිට රටේ ජනගහණයෙන් ප්‍රමාණවත් තරම් පිරිසක් සාර්ථකව එන්නත්කරණයට ලක් කර රට යම් තැනකට පැමිණ සිටිනවා. යළි පාසල් ඇරඹී තිබෙනවා. නමුත් අප වගකීමකින් තොරව කටයුතු කළොත් යළි අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දිය හැකියි. මේ වනවිට ඔමික්‍රොන් කියන කොවිඩ් වෛරස ප්‍රභේදය වේගයෙන් ලෝකය තුළ පැතිරෙන තත්ත්වයක් අප දකිනවා. මෙය ඩෙල්ටා පුභේදයටත් වඩා කිහිප ගගුණයකින් පැතිරීම වේගවත් කියල පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. මෙම වෙරසය රට තුළට ඇතුළු වීම උපරිම වශයෙන් වැලකිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි. මෙරටට එන සෑම කෙනකුම පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීම අනිවාර්ය කළ යුතු බව අප අවධාරණය කරනවා. ඒ වගේම ජනතාව මූලික සෞඛ්‍ය උපදෙස් රකින අතරේ පුද්ගලයන් ඒක රාශි වීම් පාලනය කළ යුතුමයි. උත්සව සීමා කළ යුතුයි. ඒ වගේම පොදු ප්‍රවාහනය තුළත් වගකීම් සහගත ලෙස ජනතාවට ගමන් කළ හැකි පසුබිමක් ඇති කළ යුතුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර අපි විශේෂයෙන් කිව යුතු කරුණක් තිබෙනවා අපේ දරුවන් දැන් පාසල් යනවා.මේ අතරේ විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සහ අවදානම් සහගත රෝග තත්ත්වවලින් පෙළෙන්නන් වෛරසයෙන් උපරිම ආරක්ෂාවක් ලැබිය යුතුයි. මේ සඳහා දැනට ලබා දෙන තුන්වැනි එන්නත් මාත්‍රාව සෑම වැඩිහිටියකුටම ලබා දිය යුතුයි. ඒය ලබා ගත යුතුයි. මෙම වැඩිහිටියන් ගෙන් සියයට සියයක්ම එන්නත්කරණයට ලක් වෙනවා නම් අපට සිදුවිය හැකි මරණය අසාධ්‍ය වීම් අවම කර ගත හැකියි.“ යයිද පැවසීය.

Exit mobile version