කොවිඩ්වලින් නැවතුණු සවුදි රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කිරීම ඇරඹේ…

කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම ආරම්භ කරමින් අද දින ( 27) රාත්‍රියේ ශ්‍රමිකයින් 60 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් සවුදි රාජ්‍යය බලා පිටත්වීමට නියමිත බව රජය නිවේදනය කරයි. 

180 දෙනෙකුගෙන් යුත් මුළු කණ්ඩායමේ පලමු ශ්‍රමික පිරිස ලෙස මොවුන් විදේශගත වන අතර සවුදි රාජ්‍යයේ හෝටල් ක්ෂේත්‍රයේ සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා සදහා මෙම ශ්‍රමික පිරිස යොමුකරනු ලැබේ.

පසුගියදා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපළ විවිධාංගිකරණ   රාජ්‍ය අමාත්‍ය පිංයකර ජයරත්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ  හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රැකියා නියෝජිතයින්ට පැවති ගැටලු නිරාකරණය කිරීමෙන් පසු මෙම ශ්‍රමික පිරිසට සවුදි රාජ්‍යය බලා රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව උදාවුන බව විදේශ සේවා නියක්ති කාර්යාංශය කීවේය.


 අද දින (27) සවුදි රාජ්‍යය බලා පිටත්ව යන 60 දෙනෙකුගෙන් යුත් ශ්‍රමික පිරිසට ගුවන් ටිකට්පත් ප්‍රදානය කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතාගේ සහ අධ්‍යක්ෂක (පරිපාලන) නිමල් තිබ්බුටුමුනුව මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශ ශ්‍රවණගාරයේදී සිදුකෙරිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


180කින් යුත් මුළු කණ්ඩායමේ ඉතිරි පිරිස ඉදිරි දිනවලදී පිටත්වීමට නියමිතව ඇත.

Exit mobile version