කොවිඩ්වලට හෙළ ඔසුවක් සොයා ගත් බව කී තැනැත්තා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි නෑ…

වෛද්‍ය සභාවේ ලේඛකාධීකාරී වෛද්‍ය සුපිපි සංඝමිත් සඳහන් කර

කොවිඩ්වලට ඔසුවක් සොයා ගත් බව කී ධම්මික බණ්ඩාර

නතාෂා නෙත්මිණි –                                                

පරාම්පරික් වෙදමහතෙකු ලෙස ප්‍රකාශ කරන කොරෝනා සුවකරන හෙළ ඔසුවක් සොයාගත් ධම්මික බණ්ඩාර නැමැති පුද්ගලයා වෛද්‍යවරයෙකු ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී නොමැති බව වෛද්‍ය සභාවේ ලේඛකාධීකාරී වෛද්‍ය සුපිපි සංඝමිත් මහත්මිය සඳහන් කර

ලියාපදිංචි ලේඛණය තුළ ධම්මික බණ්ඩාර නමක් නොමැති බවද ඇය පෙන්වාදේ.

මේ අතර ආයුර්වේද කොමසාරින් චතුර කුමාරතුංග   සඳහන් කරණුයේ  ආයුර්වේද වෛද්‍ය සභාව තුළ ලියාපදිංචි නොමැති  බවට තොරතුරු අනාවරණය වී නැති  බවය‍.


ලෝක ව්‍යාප්ත කොවිඩ් 19 වෛරසය සඳහා හෙළ ඔසුවක් සොයාගත් බව පවසන ඩී.එම්. ධම්මික බණ්ඩාර තමා පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් බවත්,  මෙය  රාවනා රජු‍ගේ කාලයේ පටන් පැවති එන පාරම්පරික ඖෂධයක් බවත්  අතීතයේ සිටි මහ රහතුන් වහන්සේලා පවා වෛරස් රෝගවලින් ආරක්ෂා වීම සඳහා මෙම ඖෂධය භාවිතා කර ඇති බව ඔහු මාධ්‍යයට පැවසුවේය..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය ඇමතිනිය බෙහෙත පරීක්ෂා කළ අවස්ථාව…

 

Exit mobile version