කොවැක්ස් හරහා ෆයිසර් එන්නත් ලක්ෂයක් එයි

කොවැක්ස්‌ පහසුකම හරහා ෆයිසර්‌-බයොඑන්ටෙක්‌ කොවිඩ්‌ -19 එන්නන්‌ මාත්‍රා 100,000 ක්‌ ශ්‍රී ලංකාවට පරිත්‍යාග වශයෙන්‌ අද (28) ලැබී තිබේ.

මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලීනා ටෙප්ලිට්ස්‌ මහත්මිය විසින්‌ අද පෙරවරුවේ තානාපති නිල නිවසේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන්‌ භාර දෙනු ලැබීය.

චසංගතය අවසන්‌ කිරීම සඳහා ශක්තිමත්‌ එන්නත්කරණ වැඩසටහනක්‌ අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වන අතර ඇමරිකානු ජනතාව ඒ සඳහා ලබා දුන්‌ සහයොගයට ස්තූති වන බව එම එන්නත් තොගය භාර ගනිමින්‌ අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.


මෙම කාලය තුළ ඇමරිකානු ජනතාව අපට ලබා දුන්‌ සහයොගය මිල කළ නොහැකි බවන්‌, වසංගතයට එරෙහිව සටන්‌ කිරීම සඳහා සැචොම එක්ව ලබා දෙන සහයොගය පිළිබඳ ප්‍රණාමය පුදකරන බවත්‌ අමානාාචරයා කීය.

මෙහිදී වැඩිදුරටත්‌ අදහස්‌ දැක්වූ සෞඛ්‍ය අමාතාවරයා, 2021 වසර අවසානය වන විට මෙරට ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක්‌ කිරීමට කටයුතු කරමින්‌ සිටින බවත්‌, අගොස්තු 26 චන විට මෙරට ජනගහනයෙන්‌ 25% ක්‌ පූර්ණ එන්නත්කරණයට ලක්‌ කිරීමට හැකි වූ බවත් පැවසීය.

කොචිඩ්‌ මරණ අතුරින්‌, පූර්ණ එන්නන්කරණයට ලක්‌ වුවන්ගේ මරණ අනුපාතයේ ඉතාම අඩු මට්ටමක්‌ පෙන්නුම්‌ කරන බව ද හෙතෙම කියා සිටියේය.

කොචිඩ්‌ ව්‍යසනය පාලනය සඳහා මෙරටට සහයොගය ලබා දීමට ඉදිරිපත්‌ වී සිටින සැමදෙනාගේම “සහයෝගය මේ අවස්ථාවේ ඉතා වැදගත් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.මෙම අර්බුදයට ජාත්‍යන්තර වශයෙන්‌ ප්‍රනිචාර දැක්වීමේදී එක්සත්‌ ජනපදය සමඟ සහයෝගයෙන්‌ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින අතර දැනටමත්‌ සාර්ථක හවුල්කාරින්වයක්‌ ගොඩනඟා ගැනීමට හැකි වී ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියොජිත ආචාර්ය අලාකා සිං, යුනිසෙෆ්‌ සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන්‌ ස්කොග්‌, ඇමරිකානු ආධාර ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා මෙහෙයුම් අධ්‍යක්ෂ රීඩ්‌ ඊෂ්ලිමන්‌,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්‌ මේජර්‌ ජනරාල්‌ වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්‌ (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි
සෝමතුංග යන මහත්ම මහත්මීන්‌ එක්ව සිටියහ.

 

Exit mobile version