කොවැක්ස් එකඟතාවන්ට පිටින් එන්නත් ගන්න පොහොසත් රටවලින් වැඩි මිල “ඩීල්“

සැමට සාධාරණය විය යුතුයි - ලෝක සෞඛ්‍ය සංවිධාන ලොක්කා කියයි

කොවිඩ් 19 එන්නත් ලබා ගැනීම සඳහා අදාළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදහත්වීමෙන් නිර්මාණය කර ඇති කොවැක්ස් (COVAX) සංවිධාන ව්‍යූහයට පිටින් ගනුදෙනු නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් සියලුම රටවල්වලින් ඉල්ලා සිටී. ඔහු මෙසේ ඉල්ලීමක් කරන්නේ මේ වනවිට ඇතැම් රටවල් තමන්ට පවතින වියදම් කිරීමේ හැකියාව අනුව මූලික අදියරේදීම දැනට කොවැක්ස් පහසුකම හරහා සපයා ඇති එන්නත් ප්‍රමාණයට පිටින් සමාගම් සමග ඩීල් දමා එන්නත් ඇණවුම් කිරීමේ තත්ත්වයක් පවතින බවට කළ නිරීක්ෂණයෙන් පසුවය.

මේ වනවිට ලොක්යේ රටවල් 42ක් මෙම එන්නත් ලබා දීම සඳහා කටයුතු කරන අතර එයින් රටවල් 36ක් ධනවත් රටවල් වෙයි. ඒ අතර තවත් අතරමැදි ආදායම් ලබන රටවල 6ක් ද එන්නත්කරණය ආරම්භ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ කොවැක්ස් පහසුකම සැලසුම් කර ඇත්තේ නිපදවෙන එන්නත් සෑම රටකම ජන අනුපාතයට සමානව ජනගහණයෙන් සියයට 20ක් ආවරණය වන පරිද්දෙන් බෙදී යාමට සැලැස්වීම වැදගත් වන බවය.

එවැනි අවශ්‍යතාවක් ලෝකයේම පවතිද්දී ඇතැම් රටවල් එන්නත් නිපදවන සමාගම්වල වැඩි මිලක් පිරිනමමින් වැඩි එන්නත් ප්‍රමාණයක් ලබා ගැනීමේ තත්ත්වයක් පවතින බවත් එය පවතින ප්‍රශ්නය තවදුරටත් උග්‍ර කිරීමට හේතුවක් විය හැකි බවත් වෛද්‍ය ටෙඩ්රෝස් අවධාරණය කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපට අඩු සහ මැදි ආදායම් ලබන රටවල්වලට ඔවුන්ට එන්නත් අත්‍යවශ්‍ය මේ මොහොතේ ඔවුන් හැමටම සාධාරණ ලෙස මෙම එන්නත් බෙදා දීමට අවශ්‍ය කටයුතු නොයෙදුවහොත් ඉතිහාසය අප ගැන සාධාරණ තීන්දුවක් නොදෙනු ඇති“ යයිද ඔහු මාධ්‍යයට සඳහන් කළේය.

Exit mobile version