කොලේ වහන්න ගිය ක්‍රිකට් ලේකම්ට හිටපු ලේකම්ගෙන් දොස්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සැබෑ ගිණුම් තොරතුරු වසන් කිරීම සහ අසත්‍ය කරුණු දැක්වීම් සිදු කළ බවට චෝදනා කරමින් ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාට හිටපු ක්‍රිකට් ලේකම්වරයකු මෙන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් සාමාජිකයකු වන නිශාකොලේ වහන්න ගිය ක්‍රිකට් ලේකම්ට හිටපු ලේකම්ගෙන් දොස්න්ත රණතුංග දැඩි දෝෂාරෝපන්‍යක් එල්ලප කර ඇති බව වාර්තා වේ. ද ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය අනාවරණය කරන්නේ ඊයේ (31) රාත්‍රියේ කොළඹ යුනියන් පෙදෙසේ ජයික් හිල්ටන් හී පැවැති ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී ඔහු මෙලෙස විවේචනය කර ඇති බවය.
මෙම රැස්වීමේදී ලේකම් මොහාන් ද සිල්වා මහතා විදේශ ගිණුම් සම්බන්ධයෙන් සහ ක්‍රිකට් ආයතනයට ආදායම් උපදවීම සම්බන්ධයෙන් දක්වන ලද අදහස් නිවැරදි නොවන බවට නිශාන්ත රණතුංග මහතා දැඩි චෝදනා එල්ල කර ඇත.
මෙම රැස්වීමේදී විදේශ ගිණුමේ තිබූ ඇමෙරිකානු ඩොලර් 183,000ක මුදලක් අතුරුදන් වීම පිළිබඳව සඳහන් කිරීමේදී එහි වගකීම 2018 වසරේ ක්‍රිඩා අමාත්‍ය ධුරය දැරූ ෆයිසර් මුස්තාෆා සහ ඔහු විසින් පත් කරන ලද ක්‍රිකට් නිසි බලධාරියා වූ අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා මත පැටවීමට මොහාන් ද සිල්වා මහතා උත්සාහ දරා ඇතත් ඊට තරයේ විරුද්ධ වූ රණතුංග මහතා එය කමල් පද්මසිරි මහතා සම්බන්ධ නොවන බවත් සංගමයේ මුදල් ගනුදෙනු පිළිබඳව වගකීම සම්පූර්ණයෙන්ම පැවතියේ එම කාලයේද භාණ්ඩාගාරික ධුරය දැරූ ලසන්ත වික්‍රමසිංහ මහතා අත බවය. මෙම මුදල් අතුරුදන් වීම සහ අවභාවිතය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් කළමනාකරුවකු ලෙස සේවය කළ නන්දික දිසානායක අත්අඩංගුවටද පත් වූ අතර ඇත්ත සැඟවීමට ගන්නා උත්සාහය හමුවේ රණතුංග මහතා දඩි විවේචන එල්ල කර ඇති බව වාර්තා වෙයි. එසේම මොහාන් ද සිල්වා මහතා තම හිතවතකු වන තිලංග සුමතිපාල මහතා අගය කිරීමටත් උත්සාහයද නිශාන්ත රණතුංග විසින් ව්‍යවර්ථ කරන ලදී. මොහාන්ද සිල්වා මහතා සුමතිපාල මහතා ක්‍රිකට් සභාපති ධුරය දරන කාලයේ ආදායම් වර්ධනය කිරීමට සමත් වූ බව පෙන්වා දුන්නද එම කරුණු තාර්කික ව බිඳ හෙළිමට රණතුංග මහතා කටයුතු කර ඇත. එහිදී මොහන් ද සිල්වා මහතා පසුගිය වසර පහ තුළ සුමතිපාල මහතාගේ මැදිහත් වීම මත ක්‍රිකට් ආදායම් වැඩි කිරීමට හැකි වූ බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ආදායම් බෙදා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කොට එය යළි එකඟතාවකට පත් කිරීමට හැකි වූ බව ප්‍රකාශ කර ඇති අතර එයට අභියෝග කළ නිශාන්ත රණතුංග මෙවැනි බොරු කනතා නොපවසන ලෙසත් එය සත්‍යයක් නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒ සම්බන්ධයෙන් තබන ලද නිල සටහන් පෙන්වන ලෙසත් අභියෝග කර ඇත. එහිදී මොහාන් ද සිල්වා මහතා හිටි අඩියේ අතුරුදන් වූ බවද ක්‍රිකට් ඒජ් වෙත අදහස් දක්වා ඇති ශ්‍රි ලංකා ක්‍රිකට් සාමාජිකයකු සඳහන් කර ඇත.

Exit mobile version