කොරෝනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය වෙලා. මැතිවරණයට බාධාවක් නෑ….

ජනාධිපති අතිරේක ලේකම් සහ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී අධිනීතිඥ නිර්මලා ජයරත්න

මේ වෙනවිට  කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බැවින් මහ මැතිවරණය කිසිදු අවහිරතාවයකින් තොරව පැවැත්විය හැකි බව රාජ්‍ය බුද්ධි සේවය, සෞඛ්‍ය අංශය, ඇතුළු පාර්ශවය තුනක් අධිකරණයට ලබා දී ඇති වාර්තාවලින් තහවුර කර තිබෙන බව නීතිය පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් සහ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීන් අධිනීතිඥ නිර්මලා ජයරත්න පැවසුවාය.

මෙම වාර්තාවන්ට අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධව කිසිදු ආකාරයක බියක් ඇති කරගත යුතු නැති බව ඇය තවදුරටත් අවධාරණය කළාය.

ජූනි මාසයේ 20 දා මහ  මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හිමින් නිකුත් කරන ලද ගැස්ට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මේ වනවිට ක්ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන අතරතුර කොරෝනා පාලනය හා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ව තුනක් විසින් මෙම වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ බව නිර්මලා ජයරත්න කීවාය.


අප්‍රේල් මස 30 වැනිදායින් පසුව කොරෝනා වසන්ගතය පැතිරීම නාවික හමුදාවට අදාල පොකුරු සහ නිරෝධායන මධ්‍යස්ථාන හා රෝහල්වලින් බැහැරව කිසිදු ආසාදිතයෙක් හමු වී නැති බව රාජ්‍ය බුද්ධි අංශය මිගාන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් පෙන්වා දී ඇති බව ඇය කීවාය.

කොරෝානා වසංගත තත්වය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පාලනය කර ඇති බවත් දැනට පවතින තත්වය අනුව අසාදිතයන් හා මරණ ගණන අවම මට්ටමක පවතින බවත් ඒ අනුව වෛද්‍ය නිර්දේශයන් හා සමාජ දුරස්ථභාවය රැක ගනිමින් බලා දී ඇති මාර්ග උපදෙශයන්ට අනුව මහ මැතිවරණය  පැවැත්වීමට හැකි බවත් සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අධිකරණයට ලබා දී ඇති වර්තාවෙන් තහවුරු කර තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම ජනවාරි මස 29 දාන සිට මැයි මස 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පාලනය සම්බන්ධ සියලුම දත්ත හා වාර්තා පදනම් කරගනිමින් සේඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය විසින් අධිකරණය වෙත වාර්තාවක් ලබා දී තිබෙන බවත් මේ සියලු වාර්තා මගින කොරෝනා වසංගතය පාලනය වී ඇති බව හා එවැනි පසුබිමක මහ මැතිවරණය පැවැත්වීමට කිසිදු අවහිරයක් හෝ බාධාවක් මතුව නැතැයි ඇය වැඩි දුරටත් කීවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මහ මැතිවරණය ජූනි මස 20 හා පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ තවදුරටත් විභා කෙරෙන අතර එහි තීන්දුව නුදුරේදීම ප්‍රකාශ කිරීමට නියමිතය.

Exit mobile version