කොරෝනා රෝගයට බියේ නිවාස හැර යන වැසියන්ගේ නිවාස හුදෙකලා කොට සීල් තබයි

දිනසේන රතුගමගේ

වවුනියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහල යාම නිසා වවුනියාවේ  නිවාස අතහැර  වෙනත් පළාත්වලට තාවකාලිකව ගොස් සිටින වැසියන්ගේ නිවාස හුදෙකලා කිරීමට  සෞඛ්‍ය නිලධාරීන් හා පොලීසිය පියවර ගෙන තිබේ.

කොරෝනා රෝගීන්  හමුවන පළාත්වල වැසියන් සිය නිවෙස් අතහැර රෝගීන් වාර්තා වී නොමැති පළාත්වල සිය ඥාතීන්ගේ නිවාසවලට යාමේ ප්‍රවණතාවයක් වවුනියාවේ දක්නට ලැබෙන බැවින් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් මේ තීරණය ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට එසේ පදිංචිය අතහැර තාවකාලික ස්ථාන සොයා ගිය වවුනියාවේ වැසියන්ට අයත් නිවාස හතරක්  හුදෙකලා කොට සීල් තබා එම නිවාසවලට කිසිදු පුද්ගලයෙකුට ඇතුලුවීම තහනම් කොට තිබේ.


Exit mobile version