කොරෝනා මඬින්න බාධා කරන දීපවාලී සූදානම

දිනසේන රතුගමගේ

දීපවාලී උළෙල සැමරීමට අවශ්‍ය දේ මිලට ගැනීමට උතුරේ හින්දු බැතිමතුන් ප්‍රධාන නගර වලට විශාල වශයෙන් පැමිණීම කොරෝනා මර්දන කටයුතු වලට විශාල බාධාවක් වී ඇතැයි වවුනියාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.

ඔවුන් පවසන්නේ රෙදි පිළි ආහාර ද්‍රව්‍ය ඇතුළු දේ මිලට ගැනීමට නගරයට පැමිණෙන පුද්ගලයින් කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරණ බවයි.


නගරවලට පැමිණෙන ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරණවා පමණක් නොව වෙළද සැල් හිමියන්ද ඒවා පිළිබදව එතරම් සැලකිල්ලක් නොදක්වන බව පවසන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ පිළිබදව ඔවුන් සියලු තොරතුරු සෞඛ්‍ය බලධාරීන් වෙත වාර්තා කොට ඇති බවද පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව හා යාපනය නගර වල ජනතාව පාලනය කිරීම සදහා ආපන ශාලාවල වාඩි වී ආහාර ගැනීමනවතා දැමීමත් සමගම විශාල දක්නට ලැබෙන බවද එම නිලධාරීන් කියා සිටියහ.

Exit mobile version