කොරෝනා බොරැල්ලෙන් පොලිසියෙන් කොටුව පොලිසියට පනී

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් එක් දිනක් තුළ වැඩිම සංඛ්‍යාව අද පෙරවරුවේ වාර්තා වූ අතර ඒ අනුව අද පෙරවරුව වන තෙක් ගත වූ පැය 24 තුළ එලෙස ආසාදිතයන් 114ක් වාර්තා විය. එයින් 97ක්ම කොටුව පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරීන් වීම විශේෂත්වයකි.
මේ වනවිට මෙම නිලධාරීන් අරලගංවිල නිරෝධායන මධ්‍යස්ථානයේ සිට අදාළ ප්‍රතිකාර සඳහා යොමු කොට ඇත.
මේ වනවිට පොලිසියේ නිලධාරීන් 500කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් ආසාදනයට ලක්ව සිටින අතර 4000කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කොට ඇති අතර පොලිසියේ එදිනෙදා රාජකාරී කටයුතුවලට ද සැලකිය යුතු අභියෝගයක් එල්ල වී ඇතියි පොලිස් ආරංචි මාර්ග ලංකාසර පැවසීය.

Exit mobile version