කොරෝනා පරීක්ෂණයට ලක්ව පාර්ලිමේන්තු ආ හරීන්ට විරෝධයක්

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පී.සී.ආර් පරීක්ෂණයකට බඳුන් වී පාර්ලිමේන්තු පැමිණීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම අවදානමකට නිරාවරණය කිරීමක් බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා අද පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළේය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමන් පීසීආර් පරීක්සණයක් සිදු කළ බව සඳහන් කරමින් තම ටිවිටර් ගිණුමේ වීඩියෝවක්ද සහිත සටහනක් තබා ඇති බවත් ඔහු එසේ පරීක්ෂණයට ලක් වන්නේ යම් අවදානමක් පවතින නිසා වුණත් ඔහු මේ අවදානම නොතකා පාර්ලිමේන්තුවටද පැමිණි බවට දොලවත්ත මන්ත්‍රීවරයා චෝදනා කළේය.

තමන් සභාව අමතන්නට විනාඩි 20කට පෙර සභාවට පැමිණ ගිය හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තම ටව්ටර් ගිණුමෙන් සටහන් කර තිබුණේ අනෙක් අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා තමන් කොවිඩ් ආසාදිතයකුද නැද්ද යන්න තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණය පෞද්ගලික රෝහලකින් සිදු කර ගත් බවය.


පසුව සභාවට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසුවේ මේ දිනවල පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මහජන නියෝජිතයන් ලෙස ජනතාව අතරට යන බැවින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ද පෙර සූදානමක් ලෙස තමා මෙම පරීක්ෂණයට පෙනී සිටි බවයි. එහෙත් තමාට කැස්සක් හෝ හෙම්බිරිස්සාවක් හෝ නොමැති නමුත් මෙම පරීක්ෂණය සිදු කරගත් අතර පෞද්ගලික රෝහල්වලින් ද එම පරීක්ෂණය සිදුකර ගත හැකි අතර අවශ්‍ය නම් තම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට ද කිරීමට ද තමන් කැමති බවයි.
“මෝඩ කතා කිය කිය ඉන්න ඇතුව 225ම ගිහිල්ලා PCR පරීක්ෂණ කරගන්න” යනවද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version