කොරෝනා එන්නත් තෙවන මාත්‍රාව ලාබදීම තාවකාලිකව නවතා දමන ලෙස WHO ඉල්ලයි

who Director General Tedros Adhanom

කොරෝනා මර්ධන එන්නත් හී තෙවන මාත්‍රාව ලබාදීම තාවකාලිකව නවතා දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියලු රටවලින් ඉල්ලීමක් කරනු ලැබ තිබේ.

එම සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබි්‍රයෙසස් විසින් ඊයේ (4) පැවති මාධ්‍ය හමුවකදී අදාල ඉල්ලීම සිදුකරනු ලැබ ඇත.

ලෝකයේ කොරෝනා මර්ධන එන්නත් බෙදීයාමේ දැඩි විශමතාවක් පවතින බැවින් තෙවන මාත්‍රාව ලබාදීම අවම වශයෙන් එළැඹෙන සැප්තැම්බර් මාසය අවසන් වන තෙක් කල් දමන ලෙස වෛද්‍ය ගේබි්‍රයෙසස් ඉල්ලා තිබේ.


දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් ප්‍රමාණවත් එන්නත් මාත්‍රා ලබා ගැනීම සම්බන්ධයෙන් විශාල අභියෝගයකට මුහූණ දී ඇති අතර එම තත්ත්තවයට විසදුමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගෙන ඇත.

මේවන විට බටහරි රටවල් රැසක් තම ජනයාට කොරෝනා මර්ධන එන්නතේ තෙවන මාත්‍රාවක් ලබාදීමට සැලසුම් සකසා ඇති අවස්තාවක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කළ මෙම නිවේදනය ඊට විශාල බලපෑමක් එල්ල කර තිබේ.

“හැම රජයක්ම තමන්ගේ ජනතාව ආරක්ෂා කිරීමට හැකි උපරිම අයුරින් කටයුතු කරන බව මම දන්නවා. ඒත් ගෝලීය එන්නත් සැපයුමේ වැඩි ප්‍රමාණයක් දැනටමත් භාවිතා කරපු රටවලට තවත් එන්නත් ලබා ගැනීම අනුමත කරන්න බැහැ.” යනුවෙන් වෛද්‍ය ගේබි්‍රයෙසස් ප්‍රකාශ කර තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ඉහළ ආදායම් ලබන රටවල් එරට ජනගහනයෙන් සෑම සිය දෙනෙකුගෙන්ම පනස් දෙනෙකුට කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා ලබාදී තිබේ.

එහෙත් පහළ ආදායම් ලබන රටවල් එන්නත් ලබාදී ඇත්තේ සිය ජනගහනයෙන් සෑම සිය දෙනෙකුගෙන්ම දෙදෙනෙකෙුටත් වඩා අඩු පිරිසකටයි.

මේ අතර ඊශ්‍රායලය විසින් පසුගිය සතියේදී එරට වයස අවුරුදු 60 වැඩි ප්‍රජාවට තෙවන මාත්‍රාව ලබාදීමට පියවරගෙන තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනියද තෙවන එන්නත් මාත්‍රා ලබාදීමට එන්නත් නිෂ්පාදන සමාගම් සමඟ එකඟතාවන්ට පැමිණි තිබේ.

Exit mobile version