කොරෝනාවට එරෙහි ලොව පළමු එන්නත ලියාපදිංචි කර පුටින්ගේ දියණියට එන්නත් කරයි

රුසියාව විසින් කොරෝනා වයිරසයට එරෙහිව සොයාගත් ලොව පළමු එන්නත ලියාපදිංචි කළ බවත් එය තම දියණියකට එන්නත් කළ බවත් ව්ලැඩිමීර් පුටින් අද උදෑසන නිවේදනය කර තිබේ.

ගෝලීය වශයෙන් පැතිරී ඇති මාරාන්තික රෝග කාරකයට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනැගීමට මෙම එන්නත ඵලදායී බව ඔහු පවසයි.

“මා දන්නා පරිදි, ලොව ප්‍රථම වතාවට අද (රුසියාවේ) කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව එන්නතක් ලියාපදිංචි කර තිබේ” ජනාධිපතිවරයා රජයේ සාමාජිකයන්ට පැවසීය. “එන්නත සඳහා වැඩ කළ සැමට මම ස්තූතිවන්ත වෙමි. එය මුළු ලෝකයටම ඉතා වැදගත් අවස්ථාවකි.”


පුටින් අවධාරණය කළේ රුසියාවේ එන්නත ලබා දිය යුත්තේ ස්වේච්ඡා පදනමක් මත පමණක් බවයි.

ප්‍රතිශක්තිකරණ එන්නත ගන්නා ලෙස කිසිවෙකුට බල නොකරන බවත් ඔහු කියාසිටී.

ඔහුගේ එක් දියණියක් දැනටමත් එන්නත ලබා දී ඇති බව ඔහු අනාවරණය කළේය.

වසංගතයෙන් 700,000 කට අධික මරණ සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර වශයෙන් මිලියන 20 කට අධික රෝගීන් සංඛ්‍යාවක් සිටි.

මුළු පෘථිවියම කොවිඩ් -19 අර්බුදයට විසඳුමක් ඉල්ලා මොරදෙන මොහොතක මෙය ජනවාරි මාසය වන විට සාමාන්‍ය සංසරණයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර, මෙම එන්නත ලබාදීමේදී ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට සහ වෛද්‍යමය වශයෙන් අවදානමට ලක්වූවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Exit mobile version