කොණ්ඩා රැවුල් කපාගෙන සැඟවී සිටි “බොබ් මාලේ“ අත්අඩංගුවට…

කොස්ගොඩ  සුජීගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජාවාරම්කරුවෙක් වූ බොබ් මාලේ හෙවත් කළුදුර චමින්ද තාබ්‍රෙව්  නැමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අද (09) අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

ඔහු ඇල්පිටියේ දී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සිය කොණ්ඩය සහ රැවුල කපා හඳුනා ගැනීමට අසීරු වන ආකාරයට සිය බාහිර පෙනුම වෙනස් කරගෙන සිට ඇත.

පොලිසිය විසින් ඡායාරූප සමඟ    ප්‍රසිද්ධ කොට අල්ලා ගැනීම සඳහා මහජන සහය පැතූ මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධ සැකකරුවකු වන බොබ්මාලේ හෙවත් කළුදුර චමින්ද තාබ්‍රෙව් නැමැත්තා පසුගිය දිනකෙ ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිසියක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබී මෙන් පසුව මුදාහැරි පුද්ගලයකු බවට පොලිස් බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිණි.


ඩුබායි හී රැදී සිටින කොස්ගොඩ සුජීගේ මත්කුඩු ජාලය මෙරටදී මෙ‍හෙයවන මෙම පුද්ගලයා ඔහු බව වාර්තා වී ඇත. බහුදින ධීවර යාත්‍රා පදවන්නකු වන   ඔහු මෑතකදී ගාල්ල පොලිසියකින් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ   චන්ද්‍රිකා (සැටලයිට්) දුරකථනයක්ද තිබී ඇති බව සඳහන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දූෂිත පොලිස් නිලධාරීන් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති බොබ් මාලේ නැමැත්තා මුදා හැර ඇත්තේ අත යට සිදුවූ ගනුදෙනුවකින් පසුව බවට බුද්ධි අංශ සැක පහළ කර තිබිණි.

Exit mobile version