කොච්චිකඩේ පල්ලියේදී මරාගෙන මැරුණු ත්‍රස්තයාගේ තාත්තා නිදොස් කොට නිදහස් කරයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාස්කු ඉරුදින අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මරාගෙන මැරුණු අලව්දීන් අහමඩ් මුවාත් නමැති බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නමැත්තා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) නියෝග කළේය.
මෙම සැකකරු වසර එක හමාරක පමණ කාලයක් රක්ෂිත බන්ධානගාර ගත කොට සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් ව නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බව නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද දැනුම් දී තිබිණි. ඒ මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි උපදෙස්වලට අනුවය

Exit mobile version