කොග්ගල දී මෝටර් රථයක් දුම්රියේ ගැටේ… මරණ 02ක්…

ලලිත් චාමින්ද –

කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද දහවල් (16) කොග්ගල ප්‍රදේශයේ දී මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථය ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි අයෙකු මිය ගොස් ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේඅහංගම වැල් හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි අයෙකි .

 

 

මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් පසු මෝටර් රථය දුම්රියේ පැටලී මීට අටසීයක් පමණ දුරට ඇදීගෙන ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙකී කාන්තාව සහ පිරිමි පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනයට ගොස්   ආපසු සිය නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත .

Exit mobile version