කෙළවරපිටිය විදුලි බලාගාරයෙන් සියයට 51ක් ආණ්ඩුව ඇමෙරිකාවට දීමේ සැලැස්මක්!

kerawalapitiya

රාජ්‍ය සම්පත් විකුණන්නේ නැති බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් පවර් විදුලි බලාගාරයේ‍ෙ 51 % ක කොටස් හිමිකාරිත්වය එක්සත් ජනපදයට අයිති සමාගමකට විකිණීමට සැලසුම් කර ඇති බවත් දැනට මෙහි අයිතියෙන් 51 % ක් රජයටත්, 27% ක් EPF එකටත්, 18% ක් ලෙකෝ සමාගමටත් ඉතිරිය LTL එකටත් අයිතිව පවතින අතර මෙම අයිතිය ලාභය බෙදී යාම ඒ ආකාරයටම සිදුවනවාද ? එසේත් නැතිනම් කුමක් සිදුවන්නේද කියා රජය වහා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රජයට මුදල් නැති නිසා මෙලෙස රාජ්‍ය සම්පත් විකුණා දැමීමට කටයුතු කිරීමෙන් රට මහා අර්බුදයකට තල්ලු විය හැකි බව හෙතෙම අවධාරණය කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (05) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා තවදුරටත් මෙසේද කීය.

කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් පවර්හී 51 % ක කොටස් හිමිකාරිත්වය එක්සත් ජනපදයකට අයිති සමාගමකට විකිණීමට රජය සැලසුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. දැනට මෙහි අයිතියෙන් 51 % ක් රජයටත්, 27% ක් EPF එකටත්, 18% ක් ලෙකෝ සමාගමටත් ඉතිරිය LTL එකටත් අයිතිව පවතින අතර මෙම අයිතිය ලාභය බෙදී යාම ඒ ආකාරයටම සිදුවනවාද ? කුමක්ද සිදුවන්නේ කියා රටේ ජනතාව දැනගත යුතයි.


අපේ පාලන කාලය තුළ අපි බලයට පැමිණීයේ රජයේ වත්කම් ආරක්ෂා කරන්න. වර්තමාන පාලකයින් රජයේ වත්කම් විකුණන්නෙ නෑ කියලා ඇවිල්ලා දැන් දිගටම විකුණනවා. එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි 2015 – 2019 වකවානුව තුළ අපගේ බල ශක්තිය (ද්‍රව්‍ය ස්වභාවික වායු) LNG බවට පරිවර්තනය කරමින් සිටියා.

මුදල් උපයාගැනීම සඳහා අපගේ වත්කම් විකුණා දැමීමට රජය සූදානම් වන බව මෙයින් ඉතාමත් පැහැදිළිය. උදාහරණයක් ලෙස සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම හරහා ඉහළ යන ජීවන වියදම පාලනය කර ගැනීමට කොළඹ සහ නගරාසන්න ප්‍රදේශවල වටිනා ඉඩ කඩම් හා පැරණි ගොඩනැගිලි විකිණීමට කටයුතු කරන බව පෙනී යනවා. එයට ප්‍රධාන හේතුව රජයේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තිය බව පැහැදිළිව කිව යුතුය. ඒ වගේම වර්තමාන පාලකයින් පාලනය කරන සෑම අවස්ථාවකම කියන්නේ එකක්, කරන්නේ තව එකක් බව ඉතාමත් පැහැදිළිය.
වර්තමාන ජනාධිපතිවරයා සහ මෙම රජය පරිසරය වෙනුවෙන් කැප වී සිටින බව දිගින් දිගටම ප්‍රකාශ කළත් අප පාලන කාලය තුළ පරිසරයට හිතකාමී එල්.එන්.ජී. බලාගාර දෙකක් ඉදි කිරීමට ත්‍රෛපාර්ශික ගිවිසුම් දෙකක් ජපන් රජය සහ ඉන්දියානු රජය සමග අත්සන් කර තිබුණා. නමුත් ඒවාට සිදුවන්නේ කුමක්ද යන්න අපහැදිළිය. එමෙන්ම දකුණු පළාතේ එල්.එන්.ජී. විදුලිබලාගාරයක් සංවර්ධනය කිරීමට චීන රජය සමගද අප එකඟ වී ඇත. ද්‍රව්‍ය ස්වභාවික වායු බවට පරිවර්තනය කිරීම අපි කළේ විශේෂයෙන්ම පරිසර හිතකාමී විදුලි ව්‍යාපෘති රට තුළ ක්‍රියාත්මක කිරීමටයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය පිළිබඳ රජය වහාම එල්.එන්.ජී. ව්‍යාපෘති වලට සිදුවන්නේ කුමක්ද? යැයි රජය පැහැදිළි ප්‍රකාශයක් කළ යුතුව තිබෙනවා. රටේ වත්කම් විදේශීකයන්ට විකිණීමේ තීරණයට හේතුව හෙළි කරන ලෙස ද අපි රජයෙන් ඉල්ලා සිටිනවා

Exit mobile version