කෙහෙළියගේ ඇප ඉල්ලීම නිශ්ප්‍රභා කරන්න… නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහාධිකරණයෙන් ඉල්ලයි!

ඉමියුනොග්ලොබියුලින් මානව ප්‍රතිශක්ති එන්නත හරහා මිනිස් ජිවිත අනතුරකට ලක් කරමින් රුපියල් කෝටි ගණනක රජයේ මුදල් වංචා කළ බවට චෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට ඇප දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති සංශෝධිත ඇප ඉල්ලීම අවශ්‍ය ලේඛන ගොනු කිරීමෙන් තොරව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් නිසා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම   ඊයේ (22දා) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ගෙන් ඉල්ලා සිටියාය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙම ඉල්ලිම සිදුකලේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට ඇප දෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥයන් ගොනුකළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී ය.

ඉමියුනොග්ලොබියුලින් මානව ප්‍රතිශක්තිකරණ එන්නත් වංචාව සම්බන්දයෙන්  හිටපු ඇමැති කෙහෙළිය ඇතුළු 7දෙනකු රහස් පොලිසිය විසින් විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සැකකරුවන්ට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප දෙන ලෙස කරන ලද ඉල්ලීමක් මේ අතර සැකකරුවන් විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.


එම ඇප ඉල්ලීම  විභාග කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම  පසුගිය 14දා නඩු විභාගය නිමවනතෙක් විත්තිකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග  කළේ  පොදු දේපළ පනතේ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ විට ඇපමත මුදා හැරීම සඳහා සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම තීන්දුව අභියෝගයට ලක් කරමින් සැකකරුවෝ ඉහළ අධිකරණයෙන් සංශෝධිත ඇප ඉල්ලීමක් කළහ.

Exit mobile version