කෘෂිකර්ම හා පශුසම්පත් බලකායක් පිහිටුවෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම හා පශුසම්පත් බලකායක් අද(07) දින ස්ථාපිත කරන බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ රට ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් සදහා ගෙන යාමේ වැඩපිලිවෙලේ මූලාරම්භය මෙය බවත් ඉදිරියේදී දැවැන්ත වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් ඒ සදහා ස්වෙච්ඡා රෙජිමේන්තුවක් ආරම්භ කරන බවත් ජෙනරාල්වරයා පැවසීය.

මේ වැඩපිලිවෙල හරහා රට කෘෂි කර්මාන්තය අතින් ස්වයංපෝෂිත කිරීමටත් අතිරික්ත භෝග අපනයනය කිරීමටත් කටයුතු කරන බව හෙතෙම සදහන් කළේය.


මේ වන විට පුරන්වී තිබූ ඉඩම් අක්කර 5000ත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත වගාකටයුතු සදහා ලබා දී ඇති බවත් කහබීජ මෙරටට ගෙන්වා ජනතාවට බෙදා දීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඉඩම් අක්කර 2000ක් කජු වගාවටත් අක්කර 500ක් පොල් වගාවටත් මේ වන විට යොදවා ඇතැයිද හෙතෙම සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කෘෂි බෝග අතිරික්තයක් පවතින කාලයේදී ඒවා ප්‍රවාහනය කිරිම සදහා ජාතික ප්‍රවාහන බලකායක් ආරම්බ කිරිමට පියවර ගෙන ඇති අතර ඒ සදහා රජය මගින් ලොරි රථ 250ක් ලබා දීමට පොරොන්දු වී ඇතැයිද ජෙනරාල්වරයා සදහන් කළේය.

Exit mobile version