කෘෂිකර්ම ඇමති මහින්දානන්දට එරෙහිව විශ්වාස භංගයක්!

තිස්ස අත්තනායක ගලගෙදර දී කියයි...

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි

රටපුරා ගොවීන්ට අවශ්‍ය පොහොර නිසි කලට නිසි පරිදි ලබා නොදීමෙන් ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති කිරීමට මග පාදා ඇත්තේ ආණ්ඩුව විසින්ම බව ද මහ කන්නයේ ගොවීන් සඳහා පොහොර ලබාදීමට කිසිදු සැලැස්මක් නැති බව ජනතාවට ඒත්තු ගැන්වූයේ ද විෂය භාර අමාත්‍යවරයා විසින්ම බව ද  තිස්ස අත්තනායක පවසයි.

පොහොර ප්‍රශ්න හේතුවෙන් අසරණ වී ඇති සමස්ත ගොවි ප්‍රජාවට සාධාරණයක් ඉටු කිරීමේ අපේක්ෂාවෙන් සහ පොදු මහත් වගා ක්ෂේත්‍රයේ කඩාවැටීමට අමාත්‍යවරයා වගකිවයුතු බැවිනුත් මෙලෙස විශ්වාසභංගයක් ගෙන ඒමට අපේක්ෂා කළ බව හෙතෙම කීය.


ගලගෙදර ප්‍රදේශයේ දී අද පැවති දහම් යාත්‍රා වැඩසටහනට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

අද වන විට වී වගාවට පමණක් නොව එළවළු පළතුරු   ඇතුළු බෝග රැසකට පොහොර හිඟ වීම දරුණු බලපෑමක් එල්ල කර ඇති බවත් ඊට කඩිනම් විසඳුම් ලබා දීමට ආණ්ඩුව හෝ විෂය භාර ඇමතිවරයාට උවමනාවක් ඇති බවක් පෙනෙන්නට නැති බවත් තිස්ස අත්තනායක පැවසුවේය.  මෙම මොහොතේ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ හැර වෙනත් විකල්පයක් නොමැති බව ද ඔහු කීය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්ව සාකච්ඡා කිරීමට නියමිත බවත් රටේ පවතින මෙවැනි දරුණු ප්‍රශ්නයකදී ආණ්ඩුව සිහිබුද්ධියෙන් කටයුතු කිරීම වැදගත් බවත් කී අත්තනායක මහතා තුනෙන් දෙකක බලයක් ඇති බැවින් කුමන අයුරකින් විශ්වාසභංග යෝජනා ගෙන ආවත් ය පහසුවෙන් ජයග්‍රහණය කරන්නේ යැයි ප්‍රකාශ කළහොත් පවතින ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් නොවන බවට ජනතාව තේරුම් ගත යුතු යැයි ද කියා සිටියේය

Exit mobile version