කුවේට් එයාර්වේස් ලංකා ගමන් හදිසියේ නවත්වයි!  

කුටේට් එයාර් වේස් ගුවන් සේවය තම ශ්‍රි ලංකා මෙහෙයුම් හදිසියේ අත්හිටුවා ඇති අතර තවත් ප්‍රධාන පෙළේ ගුවන් සේවයක් ශ්‍රි ලංකාවේ මෙහෙයුම් නතර කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

සතියකට වරක් පමණක් ක්‍රියාත්මක වවූ සාපේකෂව හොඳ මගී ධාරිතාවක්ද සිටි කුවේට්  ගමන් සේවාව හදිසියේ අත්හැරීම ශ්‍රි ලංකාවේ ගොඩබෑමේ වියදම් වැඩි වීම සහ පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ අදාළ මව් සමාගම්වලට නියෝජිත සමාගම්වලින් නිසි කලට නොගෙවීම හේතු වී ඇති බවට විශ්වාස කෙරෙයි.

කුවේට් ගුවන් සේවාව සාපේකෂව අඩු වියදම් ගුවන් සේවාවක් වන අතර මැදපෙරදිග රැකියා කරන බොහෝ දෙනකු විසින් තොරා ගනු ලබන ගුවන් සේවයකි. එසේම සැලකිය යුතු සංචාරක පිරිසක්ද මෙම ගුවන් සේවය හරහා ශ්‍රි ලංකාවට පැමිණෙන අතර සංචාරක වර්ධනකට අවතීර්ණ වී ඇති මොහොතක මෙම ගුවන් ගමන් අඩාළ වීම සංචාරක කර්මාන්තයටද අහිතකර පසුබිමක් නිර්මාණය කරවිය හැකි බව සන්ඩ් ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.


ගුවන් සේවා සමාගම් බොහොමයක් සඳහා දැනට පවතින දැඩි අර්බුදයක් වන්නේ ඔවුන්ට දේශීය අලෙවි නියෝජිතයන් වෙතින් අය විය යුතු ගාස්තු නිසි කලට වේලාවට නොගෙවීමය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ඔවුන්ට ඩොලර් ලබා ගැනීමේ පවතින අපහසුතාව බව සඳහන් වේ.  

Exit mobile version