කුලී ඝාතකයින් කණ්ඩායමක් මල්වතු හිරිපිටිය පන්සලේ හිමිනමක් විහාරස්ථානය තුළම වෙඩි තබා ඝාතනය කරයි!

ගම්පහ මල්වතු  හිරිපිටිය කහටාන ගණාරාම මහා විහාරස්ථානය තුළ හිමිනමක් ටී – 56 ගිනි අවියකින් වෙඩි තබා අද දහවල් ඝාතනය කර තිබේ.

පන්සලේ ඝාතනය වූ ස්ථානය..

ඝාතනය කර ඇත්තේ කලපලුවාවේ ධම්මරතන නම් 45 හැවිරිදි හිමිනමකි. පොලිසිය පවසන්නේ උන්වහන්සේට වෙඩි දෙකක් තබා ඇති බවය.

ඝාතකයින් පැමිණි වාහනය…

5345 අංක දරන දම්පැහැති හොණ්ඩා මෝටර් රථයකින් පැමිණි ඝාතකයින් උන්වහන්සේට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ.

ඝාතනය සඳහා සැකකරුවන් 04 දෙනෙක් පැමිණ ඇත.  වෙඩි වැදුණු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version