කුලියාපිටිය බුදු පිළිමවලට හානි කළ ඉන්දියානුවා රිමාන්ඩ් භාරයේ දී මිය යයි…

කීර්ති ප්‍රනාන්දු –

කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිලිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධව වාරියපොල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඉන්දියානු ජාතිකයා රිමාන්ඩ් භාරයේ සිටියදී මීට සුළු මොහොතකට පෙර මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම පුද්ගලයාට අද රාත්‍රියේ දී යම් ශ්වසනාබාධයක් ඇති වූ බවත්, හුස්මගැනීමේ අපහසුතාවය ඇති වීමත් සමග ඔහුව වාරියපොල රෝහලට යොමු කිරීමට කටයුතු කළ බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. වාරියපොල රෝහල පවසන්නේ රෝගියා රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවය. බන්ධනාගාරයේ සිට රෝහලට රැගෙන එන අතරතුර මෙම තැනැත්තා මිය යන්නට ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනුමාන කරයි.

මිය ගිය  පුද්ගලයා  වයස අවුරුදු 47ක් පමණ වන දිලීප් කුමාර් නැමැති අයෙකි. ඔහු ලාංකික කාන්තාවක් හා විවාහකව සිටියේය. මේ වනවිට මෙම තැනැත්තාගේ මෘත දේහය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව වාරියපොල රෝහලේ තැන්පත් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධිකරණ නියෝගයක් ලබා ගත් පසු ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට නියමිතව ඇතැයි පොලිසිය පවසයි.

 

 

 

Exit mobile version