කුරුමිණියෙක් දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් මරුට….

දිනසේන රතුගමගේ –

කුරුමිණියෙකු දෂ්ඨ කිරීමෙන් රෝගී වූ පුද්ගලයෙකු යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ( 18 ) මියගොස් තිබේ.

යාපනයේ පදිංචි 52 හැවිරිදි ෂන්මුගවේල් අරුන්සෙල්වම් නැමති මෙම පුද්ගලයාට නිවසේදී කුරුමිණියෙකු දෂ්ඨ කොට අති අතර ස්වල්ප වේලාවකදී ඔහු දැඩි අසාත්මිකතාවයකින් පෙළී හුස්ම ගැනීමේ අපහසුවකට පත්ව ඇත

වහාම ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. ඔහු මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේය

යාපනයේ එම පුද්ගලයාට  දෂ්ඨ කරණ ලද කුරුමිණියාව  පවුලේ උදවියට හඳුණා ගැනීමට නොහැකි වී ඇති අතර යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්යවරුන්ටද එම කුරුමිණියා ගැන විශාල සැකයක් පහළ වී තිබේ


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී සතෙකුගේ විෂ ශරීර ගත වීම නිසා මේ මරණය සිදු වු බවට වාර්තා කොට ඇති අතර  මියගිය අයගේ ශරීර අභ්යන්තර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා කොළඹට යවා ඇත.

Exit mobile version